curfew

අද සිට දින 10ක් නිරෝධායන ඇඳිරිනීතිය පැනවෙයි

කෝවිඩ් -19 පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස අද සිට දින 10ක් රට වසා තැබිමට තීරණය කර ඇත. අද (20) රාත්‍රියේ 10 සිට 30 වනදා අලුයම 4 තෙක් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති කොවිඩ් පාලනය පිළිබඳ කමිටු රැස්වීමේදී එම තීරණය ගත් බව ඔහු…

pugodakello

පූගොඩ කෙල්ලන් ගේ “වශීකාරක” බටු මාළුව හා පුහුල් හොද්ද 

කිසියම් නිවසකින් ආහාර අනුභව කරන තරුණයෙකුගේ සිත ඒ නිවසේ සිටින තරුණියක කෙරෙහි වශී කරගත හැකි වම්බටු ව්‍යංජනයක් සහ පුහුල් හොද්දක් පිළිබඳව මීට දශක කිහිපයකට පෙර මට අසන්නට ලැබිණ. ඒ හැත්තෑව දශකයේ මැද භාගයේ සිට පූගොඩ පෙහෙකම්හල වසා දමනතුරු එහි සේවය කර නැසී ගිය යක්කල, පොල්හේනේ කේ.ඒ.නෝබට් පෙරේරා මහතාගෙනි. නිවසට පැමිණෙන ‘කොල්ලන්’ වසඟ කරගැනීමට පූගොඩ ‘කෙල්ලන්’…

corona

ගම්පහින් ආසාදිතයන් 2424ක්

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 2424 දෙනෙකු හමුව ඇති බවත් මින් 266 දෙනෙකු වන වැඩිම පිරිසක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි. දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් ආසාදිතයින් හමුවීම…

aresst
|

මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ අයෙකු සිරගත කරයි

පොදු ස්ථානයක මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට සති 6ක සිර දඬුවමක් ලබාදීමට සිංගප්පුරුවේ අධිකරණයක් නියෝග කර තිබේ. බෙන්ජමින් ග්ලින් නමැති 40 හැවිරිදි එම පුද්ගලයා ට එරෙහිව මුඛ ආවරණයක් රහිතව දුම්රියක ගමන්කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණි. එම සිදුවීම පසුගිය මැයි මාසයේ සිදුව ඇති බවට වාර්තා වී ඇති අතර ග්ලින් ව පසුගිය ජූලි මාසයේදී අධිකරණයට…

curfew

තැන තැන නගර හුදකලාවෙයි

කොරෝනා වසංගතය ලංකාව පුරා දැඩිව පැතිර යාමත් සමඟ එය පැතිරීම වළක්වා ගැනීම සඳහා දිවයිනේ බොහෝ නගර වසා දැමීමට දින කිහිපයක සිට ව්‍යාපාරිකයින් ඇතුළු ජනතාව කටයුතු කරමින් සිටිති. රට වසා දැමීම සිදු නොවන නිසා තම තමන් ස්වයං වාරණ දමා ගනිමින් දීප ව්‍යාප්තව මෙලෙස නගර වැසීම සිදු කෙරෙන අයුරු දකින්නට ලැබේ. වසා දැමුණු නගර කිහිපයක් පාලුවට ගොස්…

derana

ලෙඩ්ඩු අපෙන් ජීවිතේ ඉල්ලනවා

කොතරම් දැනුවත් කළත් සෞඛ්‍ය උපදෙස් නොපිළිපදින බොහෝ පිරිසක් සමාජයේ ජීවත්වෙති. ඔබේ ඒ නොසැළකිල්ල හේතුවෙන් තවත් කොට්ඨාසයක් කටුක අත්දැකීම් රැසක් සමඟ ජීවිත ගෙවන බව ඔබ දන්නවාද? මේ එවන් පිරිසක් ගැන දුක්බර කතාවක්. මතුගම රෝහලේ මේ කොවිඩ් වාට්ටුව සෑහෙන්න කාර්යබහුලයි. කොවිඩ් සමඟ පොරබඳින රෝගීන්ට ජීවිත දෙන්න එහි කාර්යමණ්ඩලය දරන්නේ අප්‍රමාණ වෙහෙසකි. මේ කාර්යමණ්ඩලය බොහෝ කලක් තිස්සේ විඳින්නේ…

තලෙබාන් තුවක්කුකරුවෝ ඝාතන අරඹයි
|

තලෙබාන් තුවක්කුකරුවෝ ඝාතන අරඹයි

ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගැනීමෙන් අනතුරුව තලෙබාන් සංවිධානය ලොවටම පැහැදිලි පොරොන්දුවක් දුන්නේය. පොරොන්දුව දින කිහිපයක් ගතවීමටත් පෙර කඩකිරීමට එම සංවිධානයේ ආයුධ සන්නද්ධ සටන්කරුවන් ක්‍රියාකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කාබුල් අගනගරය ට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ජලලාබාඩ් නගරයේදී ඊයේ තලෙබාන් සංවිධානයට එරෙහිව උද්ඝෝෂණයක් නගරවාසීන් විසින් සංවිධානය කර තිබුණි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ තලෙබාන් තුවක්කුකරුවන් විසින් එම…

කොරෝනා ගැන ඇත්ත කතා කළ කරාපිටියේ දොස්තරට ස්ථාන මාරුවක්

කොරෝනා ගැන ඇත්ත කතා කළ කරාපිටියේ දොස්තරට ස්ථාන මාරුවක්

කොරෝනා වෛසරය නිසා රට පුරාම ජනතාව මිය යන බවත්, මෙසේ මිය යන පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතු බවත් අවධාරණය කරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබේ. කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් මෙසේ ඔහුට ස්ථාන මාරුවක් ලබාදීමට අදාල නියෝගය ලිඛිතව…