imf
| |

කොරෝනාවෙන් බලපෑම් එල්ලවූ රටවලට ඩොලර් බිලියන 650ක්

කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ල වී ඇති රටවල ආර්ථිකය නගාසිටුවීමට අමෙරිකානු ඩොලර් බිලියන 650 ක් වෙන් කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල පියවර ගෙන ඇත. මෙමගින් ගෝලීය ආර්ථිකයට අතිරේක ද්‍රවශීලතාවක් ලබා දීම අරමුණයි. ලොව රටවල්, සිය කෙරෝනා මර්දන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමටත්, එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් ලෙස දියත් කිරීමටත්,  මෙම අරමුදල් යොදා ගනු ඇතැයි සිය සංවිධානය අපේක්ෂා කරන බව…

corona-sinopharm

වයස 30 වැඩි පුද්ගලයන්ට යුද හමුදාපතිගෙන් නිවේදනයක්

වයස අවුරුදු 30 ට වැඩි සෑම පුද්ගලයෙකුම  කඩිනමින් කොරෝනා මර්දන එන්නත් ලබාගැනීමට ඉදිරිපත් විය යුතු බව කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි යුද හමුදාවේ ජංගම එන්නත්කරණ වැඩපිලිවෙල ද අඛණ්ඩවම ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් දැනුම් දෙයි

curfew

ඇඳිරි නීතිය දිඟු කිරීමේ තීරණය හෙට

පවතින නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කරන්නේ ද යන්න හෙට (27) ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසීය. වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අනුව 30 වැනිදායින් පසුවත් නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කිරීම හෝ නොකිරීම සම්බන්ධව සිකුරාදා දිනයේ දී ජනාධිපති කාර්ය සාධක බළකාය රැස්වීමෙන් අනතුරුව තීරණය…

badweather

ප්‍රදේශ රැසකට අද තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේදී මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි. වයඹ පළාතේත් විටින් විට වැසි ඇතිවන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසිවාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස 2.00 න්…

awasara

අවසර දෙනවාද

වසර ගණනාවක් තිස්සේ කොවිඩ් 19 රෝගයෙන් පීඩා විදින රෝගීන්ට ප්‍රතිකාර ලබාදි මුළු රටම මසක් තුළ සුවපත් කළ හැකි බව කියමින් පාරම්පරික වෛද්‍ය නිහාල් සිසිර කුමාර මහතා අවසර දෙනවාද යනුවෙන් පවසමින් ඊයේ (25දා) උදෑසන උතුරු මැද පළාත් සභා වටරවුම ඉදිරිපිටටවී මාධ්‍ය මගින් බලධාරින් දැනුම්වත් කළේය. අනුරාධපුර අභය පෙදෙස මහ නගර සභා නිවාස සංකීර්ණයේ පදිංචි දේශිය වෛද්‍ය…