අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කෙරේ
සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන වී, සහල් සහ සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ලෙස මේජර් ජෙනරාල් එම්. එස්. පී නිවුන්හැල්ල මහතා පත්කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ඊයේ (30) නිකුත්කර තිබුණි.