චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරයට
පවතින ආර්ථික අභියෝගය ජය ගැනීමට චීන – ශ්‍රී ලංකා මහබැංකු අතර ඇ.ඩො. බිලියන 1.5 ක මූල්‍ය හුවමාරුවට අදාළ ගිවිසුමේ යම් තාක්ෂණික කරුණු හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇති පසුබිමක ඒ පිළිබද කාරුණික අවධානය යොමු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා චීන කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ මහතා මේ බව පවසා සිටියේ චීන පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ දූත…