මුළු ගමකටම කොරෝනා

මුළු ගමකටම කොරෝනා

දඹානේ ආදිවාසී ගම්මානයේ ආදිවාසී සාමාජිකයන් 1200කට ආසන්න පිරිසකට කොවිඩ් 19 වෛරසය වැළදී ඇති බව ආදිවාසී නායකයාගේ පුත් ඌරුවරිගේ මුතුබණ්ඩා ප්‍රකාශ කරයි. පවුල් 46ක සාමාජිකයන් 1200කට මෙසේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර ආසාදිතයින් සියලුදෙනා නිවෙස්වල නිරෝධායනය කොට ඇති බව ඔහු පවසයි.

පරාක්‍රම සමුද්‍රයේ අලුත් අවදානමක්

පරාක්‍රම සමුද්‍රයේ අලුත් අවදානමක්

පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමුවද, ව්‍යාපෘතිය හේතුවෙන් හානි වු රළපණාව යළි ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් ඉදිරි වර්ෂා කාලයේදී වැව්බැම්මට හානි සිදුවීමේ දැඩි අවදානමක් මතුවී ඇති බව ප්‍රදේශයේ ගොවින් පෙන්වා දෙයි. පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මතින් ඇවිදින මංතීරුවක් ඉදිකිරීම ආරම්භ කිරීම හේතුවෙන් වැව්බැම්මේ ආරක්ෂාවට යොදා ඇති රළපණාවේ ගල්, වැව තුළට ඩෝසර් කිරීමක්…

coronadelta

දකුණු අප‍්‍රිකා ප‍්‍රබේදය ලංකාවේදී පැතිරීමේ වේගය 300%ක්

දකුණු අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසයේ C.1.2 ප්‍රභේදය මෙරටට පැමිණියහොත් එහි පැතිරීමේ වේගය 300% ක් වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සඳහන් කරයි. එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ ඩෙල්ටා ප්‍රභේදය මෙන් තුන්ගුණයකින් වෛරසය පැතිරීමේ ඉඩ ඇති බැවින් වෛරසය රටට ඇතුළු වන තුරු බලා නොසිට ඊට අවශ්‍ය තීරණය වේලාසන ගත යුතුව…

තත්පර 6-8න් කොරෝනා නසයි

තත්පර 6-8න් කොරෝනා නසයි

අප අවට පරිසරයේ පවතින කොරෝනා වයිරසය විනාශ කර විනාශ කළ හැකි යන්ත්‍ර දෙකක් නිපදවීමට පිළියන්දල ප්‍රදේශයේ තරුණයකු සමත් වී ඇත. පිලියන්දල දේවානන්ද පාර බුද්ධික පෙරේරා නැමැති විදුලි කාර්මික ශිල්පියකු මෙම යන්ත්‍රය දෙකක් නිර්මාණය කර ඇත. පාසල් අධ්‍යාපනයේ සිටම කාර්මික ශිල්පයට හිත යොමු කළ මෙම තරුණයා කොවිඩ් වසංගතය අප රටට පැමිණි දා එම වයිරසයට අභියෝග කළ…

යුද ජයග්‍රහණයේ උන්මාදයෙන් මුසපත්වූ දකුණට උතුරේ ආඩම්බරය ගෙනා මංගල – වසන්ත රනිල්
|

යුද ජයග්‍රහණයේ උන්මාදයෙන් මුසපත්වූ දකුණට උතුරේ ආඩම්බරය ගෙනා මංගල – වසන්ත රනිල්

මංගල සමරවීර මිය ගිය දිනට පසු දින මට දුරකථන ඇමතුමක් ලබා දුන් හොඳ සිංහල බෞද්ධයකු වන බැංකු නිලධාරියෙක් පවසා සිටියේ ‘‘කුරුඳු පොලු කාරයා ගියා නේදැ?”යි කියාය. ඔහු එය පැවසුවේ අදහස් දෙකකින් බව මට වැටහුණි. මා හටද මංගල මියගිය ආරංචිය ලැබුණු විගස සිහියට නැගුණු එක් සිදුවීමකි ‘‘කුරුඳු පොලු ප්‍රහාරය”. ඒ වගේම සාගල රත්නායක එජාපයෙන් මුලින්ම මාතරට…

අතුරුදහන්කරවීම් වාර්තා නොවු සිව් වසරක්…
| |

අතුරුදහන්කරවීම් වාර්තා නොවු සිව් වසරක්…

සියළුම ආකාරයේ අතුරුදහන්කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය අගෝස්තු 30ට යෙදී තිබුනි. මිනිසුන් අතුරුදහන්කරවීම් සම්බන්ධව වාර්තා පිට වාර්තා තැබූ රටක් ලෙස ඉතිහාසගත වී තිබූ ශ්‍රී ලංකාවේ පසුගිය සිව් වසර තුළ කිසිදු අතුරුදහන්කරවීමක් නිල වශයෙන් වාර්තා නොවීම ‌‌ෛඑතිහාසික වැදගත්කමකින් යුතු සිද්ධියක් ලෙස සැලකිය යුතුය. නමුත් මේ කාලය තුළ පැහැර ගැනීම් කිහිපයක් වාර්තා වූ නමුත්, පසුව ඔවුන් අත්අඩංගුවට ගත්…

corona
|

වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව

ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් බරපතල ගැටළු රාශියකට මුහුණ දෙමින් අති දුෂ්කර අවධියක සිටි අපේ හිස මතට කෝවිඩ් 19 නැමැති මාරාන්තික වසංගතය ද කඩා වැටී මේ වන විට වසර දෙකකට කිට්ටු වී තිබේ. මේ වසංගතය අපේ හිස මත පතිත වෙන්නට පෙර අපට තිබූ ප්‍රධාන ආදායම් මාර්ග වූ සංචාරක, තේ, විදෙස්ගත ශ්‍රමික හා ඇගලුම් යන ක්ෂේත්‍රයන්ගෙන්…