ඓතිහාසික ජේතවන පුදබිමත් බැකෝ කරයි
අනුරාධපුර ඓතිහාසික ජේතවන ස්තූප පුදබිමේ උතුරු දොරටුව ප්‍රදේශය බැකෝ යන්ත්‍රයක් යොදා හාරා පස් ඉවත්කර බරපතළ හානියක් කර තිබේ. ස්තූපයේ උතුරු දොරටුව ආසන්නයේ අඩි දෙකහමාරක් තුනක් පමණ ගැඹුරට බැකෝ යන්ත්‍ර මගින් හෑරීම නිසා භූගත ස්මාරකවල කොටස් ගැලවී එම පැරණි ගඩොල් කැබලි මතු වී ඇති බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති. ගෞතම බුදුන් වහන්සේගේ පටී ධාතූන් වහන්සේ තැන්පත් කර…