පින්බර වප් පොහොය දිනය අදයි
ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්‌වක පොහොය දිනය අද (20)යි. අවුරුද්දේ දහවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ එළඹෙන පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය අදට යෙදී ඇත බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම, මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම හා විවරණ ලැබීම, සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී…
මංගල කොවිඩ් පොකුරක් මතුවෙයි
කුලියාපිටිය ඇඹව ප්‍රදේශයේ ඉකුත් 18 වෙනිදා පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 35 දෙනකුට සිදු කළ PCR පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිතයන් 19 දෙනකු හඳුනා ගත් බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා. කුලියාපිටිය කරගහගෙදර ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති මෙම මංගල උත්සවයට කෝවිඩ් ආසාදිතයකු සහභාගීවීම හේතුවෙන් සෙසු පිරිස PCR පරීක්ෂණයට යොමු කර ඇත. මෙම මංගල උත්සවයේදී…
නයිට්‍රජන් දියර පොහොර තොගය දිවයිනට
මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කිරීමට ඉන්දියාවේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය මෙරටට රැගෙනවිත් තිබේ. අද (20) අලුයම 12.25ට පමණ යූ.එල් 1156 දරණ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බව ගුවන්තොටුපොළ ආරංචි මර්ග සදහන් කරයි. පොහොර තොගය වත්තල, හුණුපිටිය…
රට අතහැර යන තරුණ පිරිස 50%කින් ඉහළට – මේ දින කිහිපයට12,000ක් පාස්පෝට් අරන්
පසුගිය දින 10ට 12,000ක් දෙනා විදේශ ගමන් බලපත්‍ර ලබා ගෙන ඇති බව වාර්තා වී ඇත. ඒ අනූව රට අතහැර යන පිරිස 50%කින් ඉහළ ගොස් ඇති බව දැනගන්නට තිබේ. ඉකුත් දින කිහිපය පුරාම බත්තරමුල්ලේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන කාර්යාලය අසල දීර්ඝ පෝලිම් දැකගන්නට ලැබුණු අතර ඉන් බහුතරයක් තරුණයන් වීමද විශේෂ සිදුවීමකි.
මිනී මස් කන ‘පිරානා’ දියවන්නාවෙන් කැළණියෙන් මතුවෙයි
මිනිස් මාංශ ආහාරයට ගන්නා මත්ස්‍ය වර්ග වන ‘පිරන්හා’ වැනි මත්ස්‍යයන් ලංකාවේ සිටින බවට වාර්තා වී ඇත බවත්, කුමන හෝ විධිවලින් එම මාළු වර්ග අපේ ජලාශවලට නිදහස් කර ඇති බවත්, ඒ අනුව කැළණි ගඟ බොල්ගොඩ ලේක් දියවන්නාව වැනි තැන්වල පිරන්හා මත්ස්‍යයින් සිටින බවට වාර්තා වී ඇති බවත් ජලජීවී වගා අංශයේ විද්‍යාඥ අජිත් කුමාර මහතා පවසයි. විසිතුරු…
ශ්‍රී ලංකාවෙන් ඉරාකය ට යාත්‍රා දෙකක්
මෙරට නාවික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ නැව් තටාකාංගණ සමාගම නිෂ්පාදනය කළ යාත්‍රා දෙකක් ඉරාකයට පිටත් කර තිබේ. මීටර් 60ක දිගින් යුතු බෝයා යාත්‍රාවක් සහ මීටර් 52ක දිගින් යුත් PILOT STATION වර්ගයේ නෞකාවක් එලෙස නිපදවා ඇත. එමගින් ඩොලර් මිලියන 35ක ආදායමක් මෙරටට හිමිවූ බව කොළඹ නැව් තටාකාංගණ සමාගම සඳහන් කළේය.
ශ්‍රී ලංකා අයර්ලන්ත තරගය අද
ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ අයර්ලන්ත කණ්ඩායම සමගයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (20) රාත්‍රී 7.30ට අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර…