t20worldcup

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු සුපිරි වටයේ තරඟය අදයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු සුපිරි වටයේ තරඟය අද (24) බංග්ලාදේශය සමග සවස 3.30ට පැවැත්වෙයි. මේ අතර මෙවර තරගාවලියේ සුපිරි වටය ඊයේ (23) ආරම්භ විය. සුපිරි 12 පළමු තරගයේ ජය ඔස්ට්‍රේලියාව ලබා ගත්තේය. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයේ ඊයේ (23) පැවති දෙවැනි තරගය කඩුලු 6කින් ජය ගැනීමට එංගලන්තය සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ…

jvp

ජවිපේ සදුදා සිට කරන්න යනදේ

ජනතාවට ජීවන වියදම දරාගත නොහැකි මට්ටමක් රට තුල උද්ගතව ඇති හෙයින් ඊට එරෙහිව සඳුදා සිට පාරට බහින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත පවසයි. පීඩිත ජනතාව නියෝජනය කිරීම සිය අරමුණ බවත් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය එය වගකීමක් කොට ගන්නා බවත් ඔහු සඳහන් කරයි. පොහොර, ගෑස් ඇතුළු විශේෂිත ක්ෂේත්‍ර ආවරණය වන පරිදි…

kadinal

පාප් වහන්සේගෙන් කාදිනල්ට ලිපියක්

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිදුකරන සියලු කාර්‍යයන් වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවට දන්වමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තමා වෙත සිය අත් අකුරින්ම ලිපියක් එවා ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. ශ්‍රී ලංකාවේ සිදුවන කණගාටුදායක ක්‍රියාදාමයන් පිළිබඳව දැඩි ලෙස අවධානයෙන් පසුවන බවටත්, ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් යදින බවටත්, ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ එහි…

gotabaya
|

මට ඕන රටට ජනතාවට හොඳ දෙයක් කරන්න

කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ දැඩි තීරණයේ දී ඡන්දය අමතක කොට ගොවීන්ට ප්‍රමුඛත්වය දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ උඩුබද්දාව, බුන්නැහැපොල කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට එක්වෙමිනි. මෙහි ගැඩවිල් පණුවන් යොදා ගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කෙරෙන අතර මාසයකට නිපදවන පොහොර ප්‍රමාණය ටොන් 12 කි. අක්කර 13…

අබලන් බිත්තියට දරුවෙක් යටවෙයි

අබලන් බිත්තියට දරුවෙක් යටවෙයි

පල්ලම කටුපොත ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටි දරුවකුගේ සිරුර මතට නිවසේ බිත්තියක් පෙරළි යාමේන් අසාධ්‍යව හලාවත මහ රෝහලට ඇතුලත් කිරීමේන් පසුව මරණයට පත්ව ඇති බව පල්ලම පොලිසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ පල්ලම කටුපොත පදිංචිව සිටි වයස අවුරුදු 12 ක් වයසැති  කුමාරසිංහ හෙට්ටිආරච්චිගේ විහඟ කේසර නැමති දරුවෙකි. දරුවන් පස් දෙනකුගෙන් සමන්විත පවුලේ තුන්වන දරුවා බවත්…

pig

ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කරයි

ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට අතිසාර්ථක ලෙස බද්ධ කිරීමට වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත. මෙම සැ’ත්කම සිදු කොට ඇත්තේ අමෙරිකාවේ නිව්යෝක් නුවර මැන්හැටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් විසිනි. මහාචාර්ය වෛද්‍ය රොබට් මොන්ටිගෝමරි මහතා පවසා ඇත්තේ සැත්කම සාර්ථකව අවසන් කළ බවකි.

meuna

මී උණත් සීග්‍රයෙන් පැතිරෙයි

ජූනි මස සිට පසුගිය 20 දක්වා ගතවූ මාස හතරක කාලයේදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් 250කට අධික පිරිසක් හඳුනාගෙන ඇත. ඉන් දෙදෙනකු මියගොස් ඇති බවත් කෑගල්ල දිස්ත්‍රික් වසංගත රෝග මර්දන අංශය සඳහන් කර තිබේ. මාවනැල්ල හා දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් මී උණ රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වී තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් උණ වැනි…