sea
|

උපන්බිමේ අතරමංවූවන්ගේ ඛේදවාචකය

මාස ගණනාවකින් වැහි බිඳුවක පහස නොලැබූ කිළිනොච්වි බිම වතුර පිපාසාවෙන් පෙළෙමින් තිබුණි.මහපොළව සමඟ පොර බදන ජෝසප් ඉර මුදුන් වෙනු දැක උදලු කෙටියද රැගෙන සෙවනක් සොයන්නට වූවේය.ඉදහිට හමන ගිණියම් වූ සුළඟ ජෝසප් ගේ තෙහෙට්ටුව මකන්නට සමත් වූයේ නැත. යුද්ධය නිමාවී වසර තුනක් පමණ කල් ගත වූ කළ ජෝසප් දකුණු ඉන්දියාවේ සරණාගත කදවුරට සමු දුන්නේ නැවතත් තමන්…

welada

වෙළදසැල් බිදියි

හැටන් නගරයේ වෙළද සැල් බිද භාන්ඩ සොරා ගැනිමක් පිලිබදව සැක පිට එක් අයකු හැටන් පොලිසියට බාර දිමෙන් පසු ඒ පිලිබදව හැටන් පොලිසිය මගින් පුලුල් පරික්ෂණ ආරම්භ කර ඇත. හැටන් පැති විදියේ යකඩ බඩු වෙළද සැලක් හා ජංගම දුරකථන වෙලද සැලක් 28වන දින අලුයම් කාලයේ කඩා එහි භාන්ඩ හා මුදල් සොරා ගැනිමක් සිදුව ඇත. මේ පිලිබදව…

coronadelta

සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි!

ඉදිරි සති දෙකෙන් පසු යළි කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළයාමේ අවදානමක් මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ මරණ සංඛ්‍යාව අඩු වුවද රෝගීන් වාර්තාවීම ඉහළ යනු ඇති බවයි. ලබන දෙසැම්බර් මාසයේදී මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යාමේ අවදානමක් පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. එමෙන්ම කොවිඩ්…

lng

LNG මහජන මන්ත්‍රණ සභාව අදයි

LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම මාතෘකාව යටතේ ගොඩනැගෙන මහජන මන්ත්‍රණ සභාව අද පැවැත්වෙන බව එම සංවිධායක මණ්ඩලය පවසයි. එම අවස්ථාව වෙනුවෙන් සහභාගී වන ලෙස මාධ්‍ය ආයතන වෙත යොමු කර ඇති ලිපිය මෙසේය. LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම මාතෘකාව යටතේ ගොඩනැගෙන මහජන මන්ත්‍රණ සභාව අද(29) රට තුළ වර්තමානයේ මතුවී ඇති සමාජ දේශපාලන අර්බුදය තුළ LNG බලශක්තිය ඇමරිකානු…

india-mis

ඉන්දියාව මිසයිලයක් අත්හදා බලයි

ඉන්දියාව විසින් සාර්ථක ලෙස බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ. එරට ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වු අබ්දුල් කලාම් දූපතේ සිට එම මිසයිලය අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. “අග්නි පහ” ලෙස එම බැලැස්ටික් මිසයිලය නම් කර තිබේ. කිලෝමීටර් 5,000ක් පමණ දුරින් පිහිටි ඉලක්ක වෙත මෙමඟින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බව වාර්තා වේ. කෙසේවෙතත් එම…

Facebook හි අලුත් නම Meta බව නිවේදනය කෙරේ
|

Facebook හි අලුත් නම Meta බව නිවේදනය කෙරේ

ෆේස්බුක් මවු සමාගමේ නාමය ‘මෙටා’ යනුවෙන් වෙනස කරන බව එහි හිමිකරු මාක් සබකර්බ්ග් සදහන් කරයි. නමුත් මෙම වෙනස ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් තනි වේදිකා සඳහා අදාළ නොවන බවත් ඔහු කියා සිටී. මෙම නව සමාගම මගින් සමාජ මාධ්‍ය සහ තාක්ෂණ මෙවලම් පරිශීලනය කරන්නන්ට ඩිජිටල් වටපිටාවක් තුළ තාත්වික පරිසරයක් නිර්මාණය කරනු ඇති බවත් නම සන්නානමය නිවේදනය කරමින් සකබර්ග්…

bus
|

බස් කර්මාන්තය ආරම්භ කිරීමට සහන

පෞද්ගලික බස් කර්මාන්තය යළි ආරම්භ කිරීම සඳහා බස් රථ හිමියන්ට ලබා දිය හැකි සියලු‍ සහන ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා. ඒ, පෞද්ගලික බස් හිමියන් සමග ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීයි. බස් රථ සඳහා වන ලීසිං ණය වාරික ගෙවීම සඳහා සහනයක් ලබා ගැනීමට අමාත්‍යාංශයේ මැදිහත්වීම, මාර්ග බලපත්‍ර ගාස්තු ගෙවීම සඳහා…

kusaladamma

පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන ඉරිදා

අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමි ආදාහන පූජෝත්සවය ලබන ඉරිදා සිදුකිරීමට නියමිතව තිබෙනවා. එදින පස්වරු 3 ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී එය පැවැත්වෙනු ඇති. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ආදාහන පූජෝත්සවය පැවැත්වීමට නියමිතයි.

slaus

ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රෙලියාව ජයගනී

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි දොළොස් දෙනාගේ තරග වටයේ Group 01 කාණ්ඩ යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවන තරගයෙ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති අතර එයින් ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රෙලියාව ජයගන්නා ලදි. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 154ක් රැස් කිරීමට සමත් විය. තරගයේ ජයග්‍රහණය ට…

badweather

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතින අතර එහි බලපෑම හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ. ගිගුරුම් සහිත වැසි…