viduli

දැවි තෙල් ජනවාරියෙන් අවසන් – නොදන්වා විදුලි විසන්ධි කිරීම් අරඹලාද?

අද (23) දිවයිනේ ප්‍රදේශ කිහිපයක නිශ්චිත කාල රාමුවක් තුළ විදුලි බල විසන්ධි කිරීම් වාර්තාවී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ නුගේගොඩ දෙහිවල ඇතුළු ප්‍රදේශ කිහිපයක්ද මේ අතර වේ. උදෑසන පැය බාගයක් හා සවස පැය බාගයක් ලෙස මෙම විදුලි බිඳ වැටීම සිදු කර ඇති අතර මණ්ඩලය මගින් කරන විදුලි කප්පාදුවක් දැයි යන්න නිශ්චිතව හෙළි කර නැත. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ…

parliment-food

අංගොඩින් ආහාර හිඟය පටන් ගනියි – පාර්ලිමේන්තු භෝජනාගාරයේ එළවළු හිඟයක්

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් ආහාර සැපයීමේ දැඩි හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. අංගොඩ රෝහලේ නේවාසිකව රෝගීන්ට ක්‍රීම්කැකර් බිස්කට් පැකට් එකක් තරම් දෙයක්වත් ගෙනැවිත් දෙන්නට කිසිවකුත් නොපැමිණෙන බවයි. වෙනත් රෝහල්වල ​රෝගීන්ගේ ආහාර අවශ්‍යතා පිළිබඳ ජනතාව දැඩි අවධානය යොමුකරමින් ඒවා සලසා දෙන්නා සේම අංගොඩ රෝහලේ නේවාසික රෝගීන් කෙරෙහිද කාරුණිකව…

gas

ගෑස් සංයුතියේ වෙනසක් – සෑම නිවසකම බෝම්බයක් (වීඩියෝ)

මෙරට භාවිතා කරන ගෘහස්ත ගෑස් වල රසායනික අනුපාතය වෙනස් කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි. දැන් නිවසේ බෝම්බයක් තබාගෙන සිටිනවා වැනි තත්ත්වයක් බවද පැවසූ ඔහු මේ වන විට තැන තැන ගෑස් සිලින්ඩර වැඩි වශයෙන් පුපුරායන්නේ මෙම රසායනික වෙනස නිසා බවද පැවසීය. මෙරට ගෑස් වෙළදාමේ යෙදෙන ප්‍රධාන සමාගම්…

mahindananda-aluthgama

තවත් ප්‍රභලයෙකු තනතුරෙන් ඉවතට

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ.සුමිත් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර, ඊයේ රාත්‍රියේ නිකුත් කළ ග්ලයිෆොසේට් සහ අනෙකුත් කෘෂි රසායන ද්‍රව්‍ය අලෙවිය හා භාවිතය තහනම ඉවත් කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය ද ඉවත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

australiya

ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර හිමිවන පිරිස

ලබන දෙසැම්බර් මස පළමුවනදා සිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ වීසා බලපත්‍ර හිමි පුද්ගලයින් සඳහා ඔස්ට්‍රේලියාව වෙත පැමිණීමට අවසර ලබාදී තිබේ. ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ කිරීම සහ රටේ ආර්ථිකය නඟාසිටුවීම සඳහා දැනට පනවා ඇති කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමේ වැඩසටහන යටතේ එම පියවර ගත් බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර ඇත.

gas

තරුණයින්ට බේස්ලට් දුන් අගමැති ගෑස් ටැංකිය පැය 48කින් රුපියල් 1500ට දෙන්න සුදානම්

“රුපියල් 2600 ගෑස් ටැංකිය පැය 48කින් රුපියල් 1500 ට ආපසු දෙන්න අපේ නායකයාට පුළුවන්. රනිල් වික්‍රමසිංහට රට බාර දෙන්න. පැය 48න් තත්ත්වයෙන් උසස් රසායනික පොහොර ලංකාවට ලබා දෙනවා” යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. වජිර අබේවර්ධන මහතා මෙසේ පැවැසූයේ කටුවන ප්‍රදේශයේදී පැවැති ජනහමුවකදීය. “පා්ර්ලිමේන්තුවේ 225න් ඡන්දයක් තියනකල් 224ම ගෙදර තියලා තනි රනිල්…

dayasiri
| |

තත්ත්වය දරුණු අතට – වාහනයේ තනියම යාම තහනම් වන ලකුණු

විදේශ විනිමය අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීම ගැටළුකාරී තත්ත්වයක පැවතීම නිසා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අලුත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. “මොකටද වාහන ගෙන්වන්නේ..? කොහේ දුවන්නද? ලංකාවේ පාරට වාහනයක් දානවා නම් අනිවාර්යෙන් තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් ඒ වාහනේ සිටිය යුතුයි කියලා නීතියක් ගෙන්න ඕන. මොකද හේතුව තනි වාහනයක එක පුද්ගලයෙක් නැගලා යන වාතාවරණයක් තියෙන්නේ. මෙයින් විශාල…

gotabaya

සහනාධාර කාබනික පොහොරවලට පමණයි.. බැරි අය යන්න

රජයේ ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නැහැ. මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රජයක් ලෙස කාබනික පොහොර බෙදාහැරීම, සහනාධාර ලබාදීම කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් සිදුකරන බව ජනාධිපතිතුමා පවසයි. ගොවීන් නිසි ලෙස දැනුවත් කළ යුතුය. එමෙන්ම එය ක්‍රියාත්මක කිරීමේදී පවතින රසායනික පොහොර මාෆියාව පිළිබඳ හඳුනාගත…

weather today at my location

පහළ වායුගෝලය කැළඹෙයි – දිවයිනටම ගිගුරුම් සහිත වැසි

දිවයින ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (23) සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂාකරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. සෙසු ප්‍රදේශවල යහපත් කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි…