corona-omicron

Omicron ගැන WHO තවත් අනතුරු ඇඟවීමක්

omicron කොරෝනා වෛරස් ප්‍රභේදය ජාත්‍යන්තරව පැතිරීමට ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වා සිටිනවා. එසේ සිදු වුවහොත් දැඩි ප්‍රතිවිපාක ඇති විය හැකි බවත් ඉහළ ගෝලීය ආසාදන අවදානමක් ඇති කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටිනවා . මේ අතර ,ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය මෙරටට පැමිණිම වැළැක්වීමට නොහැකි බවත් ඊට මුහුණදීමට සුදානම්විය යුතු බවත් ශ්‍රී ලංකා වෛද්‍ය…

bread

පාන් කියා ගන්න බැරි ජනතාවට භූමිතෙලුත් හිඟවෙයි

පාන් පිටි මිල නැවත වරක් ඉහල යාමත් සමග  බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බොහෝ දෙනකු පවසනුයේ පාන් පිටි ක්‍රිලෝවක් සදහා රුපියල් දහඅටයි ශත පනහක් මෙවර වැඩි කර ඇති බවත් පාන් පිටි මිල මෙසේ වැඩි කිරිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තම ප්‍රධාන ආහාරය පාන් පිටි බවත් මැතකදිද…

prutweel

පෘට්හිල් ප්‍රදේශයේ තවත් පිපිරිමක්

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ පවත්වා ගෙන යනු ලබන හෝටලයක සිදුවු ගැස් බටයක් පිපිරිමකින් එහි ආහාර දුව්‍ය රැසක් විනාශයට පත්ව ඇත. හැටන් කොළඹ මාර්ගයේ පෘට්හිල් ප්‍රදේශයේ අයියප්පන් හෝටලය තුල 29වන දින මෙම ගැස් බටය පුපුරා ගිය බව එහි සේවකයකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම සේවකයා පවසන ලද්දේ 29වන දින උදැසන ගැස් ලිප…

lanka gossip
|

වසන්තය අහවරයි – අපේ රටේ දැනටමත් ඔමික්‍රෝන් නැහැ කියලා කාටද කියන්න පුළුවන්

අප්‍රිකානු කලාපයේ රටවල් කිහිපයකින් හඳුනාගෙන තිබෙන කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් තිබිය හැකි බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි. එහි සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමෙන් තොර ක්‍රියාකලාපය නිසා කොරෝනා පරීක්ෂණ, ප්‍රභේද පරීක්ෂණ, නියැදි පරීක්ෂණ නිසි අයුරින් සිදු නොකරන බවයි. එමෙන්ම විවිධ අවශ්‍යතා වෙනුවෙන් නීති රීති…

entabeairport

ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වෙයි

අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා නුවර එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වී ඇතැයි අප්‍රිකා මාධ්‍ය වාර්තා උපුටා දක්වමින්, ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට, උගන්ඩාවේ කම්පාලා අගනුවර පිහිටි, උගන්ඩාවේ එකම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද වන එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ චීනයේ ‘එක්සිම්’ බැංකුව විසින් අත්පත් කරගනු ලැබ තිබේ. 2015 වසරේ නොවැම්බරයේ උගන්ඩා රජය,…

padmaguna

ඔමික්‍රෝන් ලංකාවට ඒම වළක්වා ගැනීම අසීරුයි

ලෝකය පුරා අලුතින් ඔමික්‍රෝන් නමැති කොවිඩ් ආසාදිතයින් ශීඝ්‍රයෙන් වාර්තාවීම හමුවේ ශ්‍රී ලංකාවේද එය පැතිරීම වැළැත්විය නොහැකි අවදානමක් මතුව ඇති බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය. මේ අවස්ථාවේ අපට ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කර තිබෙනවා. ඔමික්‍රොන් කියන මෙම ප්‍රබේදය කොරෝනා සම්බන්ධ විකෘතිවීම් විශාල ප්‍රමාණයක් ඇති බව. එස් ප්‍රෝටීනය බොහෝ…

gas-blast ada derana news 12.30 today

කෑගල්ල, පුත්තලම සහ ජාඇල නිවෙස් කිහිපයක ගෑස් ආශ්‍රිත තවත් ගිනි ගැනීම්

කෑගල්ල සහ පුත්තලම – ආරච්චිකට්ටුව, ජාඇල  ප්‍රදේශවලින් තවත් පිපිරුම් කිහිපයක් වාර්තාවී තිබේ. කෑගල්ල – රොක්හිල් – කහටපිටිය ප්‍රදේශයේ නිවසක (28)උදෑසන තේ පානය සඳහා වතුර උණු කිරීමට ලිප දල්වා නිවසේ හිමිකරු නාන කාමරයට ගිය අවස්ථාවේ විශාල පිපිරුම් හඬක් ඇසී බලද්දී ගෑස් සිලින්ඩරයට කිසිදු හානියක් සිදුව නොමැති නමුත්, ලිප පුපුරා ගොස් එහි කැබලි මුළුතැන්ගෙයි විසිරී තිබෙන අයුරු…

corona

ආර්ථිකය කඩා වැටීමට පෙර තීරණ වහා හරවන්න

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ අප්‍රිකානු රටවලට පනවා ඇති සංචාරක තහනම දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා හෙළා දැක තිබෙනවා. වෛරස් ප්‍රභේදයක් පදනම් කර ගනිමින් අප්‍රිකාවට එරෙහිව සංචාරක තහනම් පැනවීමේ කිසිඳු විද්‍යාත්මක පදනමක් නොමැති බව හා ඒ ඔස්සේ අප්‍රිකාව අසාධාරණයට හා වෙනස්කම්වලට මුහුණ දෙමින් සිටින බවත් දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. අප්‍රිකානු කලාපයේ ආර්ථිකය කඩා වැටීමට පෙර…

gas

අහංගමදී තවත් ගෑස් සිලින්ඩරයක් පිපිරේයි

අහංගම පොලිස් වසමේ හෝටලයක ගෑස් සිලින්ඩරයට සවිකර ඇති බටය පුපුරා ගොස් ගෑස් කාන්දුවක් සිදුවීමේන් ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොස් තිබෙනවා. එමෙන්ම විශාල ශබ්දයක් ඇසුණු බව ප්‍රදේශවාසින් කියා සිටියි. මෙම ගෑස් සිලින්ඩරය හෝටලයේ මුළුතැන්ගෙට පිටතින් සවිකර තිබු බවටයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් ජීවිත හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නොමැත.