කොළඹ පිපිරීම් බම්බලපිටියෙන් ඇරඹෙයි
අද පෙරවරුවේ බම්බලපිටිය ප්‍රදේශයේ නිවසක ගෑස් පිපිරීමක් සිදුව ඇත. ගෙහිමි කාන්තාව මාධ්‍ය වෙත පවසා ඇත්තේ ගෑස් රෙගියුලේටරය හා ගෑස් බටය මීට දින කිහිපයකට ඉහතදී අදාළ සමාගමෙන් පරීක්ෂා කරගත් බවත්, එහි කිසිදු දෝෂයක් නොමැති බවට සහතිකයක් ලබා දී තිබූ බවත්ය. පිපිරුමෙන් කිසිවකුටත් හානියක් සිදුව නැත.