corona-vi

බෝවන රෝග පිළිබඳව උපදේශන කාරක සභාව හදිසි රැස්වීමක්

කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි නිර්දේශයන් ලබාගැනීමට බෝවන රෝග පිළිබඳව උපදේශන කාරක සභාව අද (08) හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි වාර්තා වේ. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව සඳහන් කළේය. “අද දින අපේ තියෙනවා බෝවන රෝග පිළිබඳ උපදේශක කාරක සභාව. මෙහිදී මේ පවතින තත්ත්වය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් වගේම මේ…

jackline

ජැක්ලින්ට රටින් පිටවීම තහනම් වෙයි

බොලිවුඩ් රංගන ශිල්පිනී ජැක්ලින් ෆර්නැන්ඩර්ස් මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින්, රටින් පිටව යාම හදිසියේම නතර කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගත්තේය. ඒ ජැකලින් සංදර්ශනයකට ඩුබායි බලා පිටත්ව යාමට පැමිණී අවස්ථාවේ දී ගුවන් තොටුපොළ බලධාරීන් මෙලෙස ඇයගේ විදෙස්ගතවීම අත්හිටුවීමට ක්‍රියා කළේ ය. ඒ, ඉන්දීය ආරක්ෂක නිලධාරීන් නිකුත් කළ චක්‍රලේඛයකට අනුවයි.

gas

පැරණි ගෑස් සිලින්ඩර වලට කරන්න යනදේ

විවෘත නොකළ පැරණි මුද්‍රාව සහිත ලිට්රෝ ගෑස් සිලින්ඩර නිවෙස්වල හෝ වෙළඳසල්වල තිබේ නම්, ඒවා යළි භාර ගන්නා ලෙස පාරිභෝගියක කටයුතු අධිකාරිය ලිට්රෝ සමාගමට උපදෙස් දී තිබේ.

mobitel zoom package

විදුලි වෘත්තිය සමිති හදිසියේම දැවැන්ත උද්ඝෝෂණයක

විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ සහභාගීත්වයෙන් අද (08) දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටද විරෝධතා ක්‍රියාමාර්ගයක් සිදුකිරීමට නියමිත බව විදුලි වෘත්තිය සමිති පවසයි. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ එම විරෝධතාවයෙන් අනතුරුව සංදේශයක් රැගෙන ජනාධිපති කාර්යාලය වෙත ගමන් කිරීමට සැලසුම් කර ඇති බවයි. සමස්ත සේවකයෝ බලාගාර, කාර්යාල සහ වැඩබිම් වලින් එළියට…

kansa ytmp3 cc

කංසා යෝජනාව සම්මතයි

කංසා අපනයන බෝගයක් ලෙස වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කළ යුතු බවට සභාව කල් තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී සම්මත විය. සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය යෝජනාව ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යෝජනාව ස්ථිර කළේය. මෙහිදී මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් යෝජනාවට පක්ෂව කරුණු ඉදිරිපත් කළහ.