sapugaskanda

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වහයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත ජනවාරි 3 වැනිදා සිට ජනවාරි 29 වැනිදා දක්වා වසා තැබෙන බව බලශක්තිය අමාත්‍යාංශය උසස් නිලධාරියෙක් පැවැසීය. බොර තෙල් මිලදීගැනීමට ඩොලර් නිකුත් කළ නොහැකි වීම හේතුවෙන් පිරිපහදු සංකීර්ණය නැවත වසා දමන බවත් එහි මෙහෙයුම් කටයුතු නැවත ජනවාරි 30 වැනිදා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා කීය.

oil

පෙට‍්‍රල්-ඩීසල් බාලයි – වාහන අවදානමක

මෑතක සිට මෙරට ඉන්ධන වල ප්‍රමිතියෙන් බාල තත්වයක් පෙනී යන බව මෝටර් රථ ඉංජිනේරු සහ මෝටර් රථ ධාවන ශූර අසංක බණ්ඩාර මහතා සඳහන් කරයි. කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරගාවලියේ දී තමන් සහ තවත් අයෙකු ගිය වාහන වල එන්ජින් එක සමාන ලෙස හානියට පත්වූ බවද ඔහු පැවසීය. ප්‍රමිතියෙන් අඩු ඉන්ධන පරිභෝජනයෙන් වාහන වල එන්ජින්වලට වැඩි හානි…

unusum puwath sinhala

ලිට්‍රෝ ගෑස් සැපයුම මන්දගාමී වෙයි

ලිට්‍රෝ ගෑස් කිලෝ 12.5 සිලින්ඩර දිනකට 40,000 ක් පමණ නිෂ්පාදනය කර බෙදාහරින බවත් නිෂ්පාදනයේ මන්දගාමී තත්ත්වයක් හේතුවෙන් වෙළඳපොලේ වර්තමාන දැඩි හිඟය නිර්මාණය වී ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ ආරංචි මාර්ග සදහන් කරයි. ලිට්‍රෝ සමාගම මීට පෙර සාමාන්‍ය දිනකදී ගෑස් සිලින්ඩර 80,000 ත් 100,000 ත් අතර සංඛ්‍යාවක් නිෂ්පාදනය කර වෙළෙඳපොලට මුදාහරින බව කී එම නිලධාරියා ප්‍රමිතිය…

milk

කිරිපිටි මිල තවත් ඉහළට

ආනයනික කිරිපිටි මිල ගණන් අද (30) සිට ක්‍රියාත්මකවන පරිදි ඉහළ දමා තිබේ. කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, කිරිපිටි කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 150 කින් ද,ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60 කින් ද මිල ගණන් ඉහළ දැමූ බවයි. ඒ අනුව කිරිපිටි කිලෝවක නව මිල 1,345 ක් වන අතර ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක නව මිල රුපියල් 540 ක්…

earthquake in sri lanka

නැගෙනහිර වෙළරට ඔබ්බෙන් භූ චලනයක්

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙළරට ඔබ්බෙන් වූ මුහුදේ භූ චලනයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා කියා සිටියේ, එහි ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 4.3 ක් බව ය. කිලෝමිටර් 21 ක් පමණ ගැඹුරින් භූ චලනය සිදුව ඇතැයි ඔහු සඳහන් කළේ ය. ඊයේ (29) රාත්‍රි 7.14 ට පමණ මෙම භූ චලනය සිදුව තිබෙන…