badairigu
|

බඩ ඉරිඟු ඇට ආනයනයට බාධා

සත්ත්ව ආහාර සඳහා වසරකට බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 7000 ක අවශ්‍යතාවය පැවැතියත්, මෙට්‍රික් ටොන් 1500 ක් ආනයනය කිරීමට රජය අවසරය ලබාදී තිබෙන බවත්, ඩොලර් ගැටලුව නිසා බඩ ඉරිඟු ඇට ආනයනය කිරීමට ගැටලුවක් වී ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි. බඩඉරිඟු හිඟය උග්‍ර හේතුවෙන් සත්ත්ව ආහාර සඳහා හරිත පදාර්ථ ලෙස බඩඉරිඟු ගස් වැඩිවශයෙන් ගවයන්ට ලබාදෙන බව…

parippu

IMF ණය ගත්තොත් පරිප්පු රුපියල් 400ට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ණය ගතහොත් ඉන්ධන, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර මිල සහ ගාස්තු ඉහළයාම මෙන්ම රාජ්‍ය සේවයේ සිදුවන කප්පාදු පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලය දැනුවත් කර තිබේ. රුපියල නිදහසේ පා කිරීම මගින් රුපියල 15%කින් පමණ අවප්‍රමාණය විය හැකි බව මුදල් අමාත්‍යාංශයේ නිගමනයයි. එහිදී පරිප්පු කිලෝග්‍රෑමයක දැනට පවතින රුපියල් 280 මිල රුපියල් 400…

COVID-19-vaccine-card

එන්නත් කාඩ්පත (Vaccine card) තාක්ෂණ කිරීමේ කටයුතු ඇරැඹේ

පොදු ස්ථාන වලදී එන්නත් කාඩ්පත් (Vaccine cards) අනිවාර්ය කිරීමට අදාළ තාක්ෂණික කටයුතු ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. ඒ අනුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා කේතය(qr code) සහ යෙදුම(App) ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය. එන්නත්කරණය අනිවාර්ය කළ නොහැකි වූවත් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා කීවේය.  

rajitha
|

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිතට කොවිඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව මන්ත්‍රීවරයා මේ වනවිට නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ. ජනවාරි මස 1 වනදා සිට මන්ත්‍රීවරයා ආශ්‍රය කළ සියලුදෙනා මේ වන විට නිරෝධායනයට ලක්කර ඇත.

Ceylon Blue Sapphire Price in Sri Lanka
|

‘ආසියාවේ රැජිණ’ නිල් මැණික ට (Blue Sapphire) රුපියල් කෝටි 2000ක්

ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම මැණික වන ‘ආසියාවේ රැජිණ’ලෙස නම් කර ඇති නිල් මැණික Blue Sapphire ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් හෙවත් රුපියල් කෝටි 2000 කට අධික මුදලකට මිලදී ගැනීමට ඩුබායි සමාගමක් යෝජනා කර ඇතැයි වාර්තා වේ. ‘කොරන්ඩම්’ වර්ගයේ  මෙම මැණික රත්නපුර, බලංගොඩ ප්‍රදේශයේ පතලකින් සොයාගෙන තිබේ. එහි බර කිලෝග්‍රෑම් 310ක් පමණ වන අතර එය කැරට්…