විකල්ප නැත පැය හතරක විදුලිය විසන්ධි කිරීමක්

විකල්ප නැත පැය හතරක විදුලිය විසන්ධි කිරීමක්

ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙන් දිනකට පැය හතරක විදුලිය විසන්ධි කිරීමට සූදානම් වන ලෙස ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි. ලංකා විදුලි බල මණ්ඩලය සතුව ඇත්තේ දින දෙක තුනකට පවතින ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් පමණක් බවත් සදහන් කරයි. ඒ් අනුව දින තුනකට පසු විදුලිබල මණ්ඩලයට විදුලිය විසන්ධි කර ඉල්ලුම අඩු කිරීමට…

mp3 converter

ගම්මන්පිලගෙන් විකල්ප දෙකක් – ජනතාව පයින් ගමන හුරුවිය යුතු බව හෝ පැය කිහිපයක් අඳුරේ සිට යුතු බවයි

විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ඩොලර් ලබාදිය යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විදුලිබල අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ඒ අනුව විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන අදින් පසුව (17) ලබා නො දෙන බවයි බලශක්තිය අමාත්‍යවරයා පවසන්නේ. ඉන්ධන නොමැතිකම හේතුවෙන්, විදුලි බලාගාර කිහිපයක් ම ගිය සතියේ නතර වූ…

rice

සහල් මිල තවත් ඉහළට

පාලන මිලක් නොමැති වීම හේතුවෙන් වෙළඳුන් තවදුරටත් සහල් මිල ඉහළ දමමින් සිටින බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා. ඒ, ඉහළ යන ජීවන වියදම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇති අවධියකයි. පාරිභෝගිකයින් චෝදනා කළේ පාලන මිලක් නොමැතිවීම හේතුවෙන් වෙළෙඳුන් අධික මිල ගණන් යටතේ සහල් අලෙවි කරන බවයි.

humanrightwatch
|

මානව හිමිකම් කණ්ඩායම්වලට ආධාර දීම අවහිර කිරීමට රජය කටයුතු කරනවා

මෙරට මානව හිමිකම් පිළිබඳව අවධානය යොමු කරන කණ්ඩායම්වලට විදෙස් ආධාර ලබාදීම අවහිර කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි. ශ්‍රී ලංකා රජය වින්දිතයින්ට සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට මෙන්ම කණ්ඩායම්වලට දිගින් දිගටම හිරිහැර හා තර්ජනය කිරීම් සිදු කර ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය 2021 වාර්ෂික වාර්තාවේ සඳහන්…