cement

සිමෙන්ති වැඩිමිලට අලෙවි කරන නියෝජිතයින්ගේ බලපත්‍ර අහෝසි කරයි

සිමෙන්ති වැඩිමිලට අලෙවි කරන නියෝජිතයින්ගේ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තකරුවන් හා ආනයනකරුවන් සමඟ පැවති හමුවකදී ඔහු මේ බව කියා සිටියා. ව්‍යාපාරිකයින් මෙහිදී සඳහන් කළේ සිමෙන්ති බෙදාහරින ඇතැම් කණ්ඩායම් සිතාමතා වෙළෙඳ පොළේ සිමෙන්ති හිඟයක් ඇතිකර, වැඩිමිලට අලෙවි කරන ජාවාරමක් පවතින බවයි. පාරිභෝගික අධිකාරිය සහ නිවාස අමාත්‍යාංශය…

karapitiya-hosptial

කරාපිටිය රෝහලේ දියැවැඩියා රෝගීන්ගේ බත් පතට වුණ දේ

කැකුළු හාල් මිල දී ගැනීමට නොහැකිවීම හේතුවෙන් දැනට දින කිහිපයක සිට කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සපයන බත්වේලට ඇත්ත‍ේ සුදු හාලෙන් සැකසූ බත් පමණි. දියැවැඩියාව වැනි ආහාර පාලනය කළ යුතු රෝග සහිත නේවාසික රෝගීන්ට නියමිත ප්‍රමිතියකට අනුව ආහාර සැපයීම රෝහල මගින් සිදුකරයි. එවැනි රෝගීන් සහා අනිවාර්යයෙන් ම කැකුළු හාලෙන් පිසින ලද බත් සැපයීම සිදුවුව ද මේ වනවිට…

upul

මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගෙන් අනතුරු ඇගැවීමක්

දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග රෝහල්ගත වන ආසාදිතයින් සංඛ්‍යාවේ ද ඉහළ යාමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. බොහෝ රෝහල්වල කොවිඩ් රෝගීන් සඳහා ලබා දී තිබු වාට්ටු මේ වන විට වෙනත් රෝගීන් සඳහා ලබා දී ඇති බැවින් රෝහල් ධාරිතාව ද ඉක්මවා යමින් පවතින බව ද එම සංගමය සඳහන් කරයි. මහජන පරීක්ෂකරුවන්ගේ සංගමයේ…

bus-inside

ආසන ප්‍රමාණය ඉක්මවා මඟීන් රැගෙන යන බස් රථවලට නීතිය ක්‍රියාත්මකයි

මඟී ප්‍රවාහන බස් රථ වල ආසන ප්‍රමාණය ඉක්මවා මඟීන් රැගෙන යන බස් රථවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අද සිට ක්‍රියාත්මකයි. පොලීසිය සඳහන් කළේ, බස් රථ තුල රියදුරු, සහයක මෙන්ම මගීන්ද සෞඛ්‍ය පිළිවෙත් අනුගමන කිරීම පිළිබඳව  දැඩි අධීක්ෂණයට ලක් කෙරෙන බවයි.

train2 sri lanka railway time table 2021

දුම්රිය ධාවනය නවතින ලකුණු

දුම්රිය ධාවනය සදහා අවශ්‍ය ඉන්ධන තෙල් සංස්ථාව විසින් දිනපතා නොදුනහොත් දුම්රිය ධාවනයට ගැටලු ඇතිවන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි. ඉන්ධන ලීටර් ලක්ෂ 5-6ක සංචිතයක් දෙපාර්තමේන්තුව සතුව තිබුනත් අද වන විට එය ලක්ෂ තුන හමාර දක්වා අඩුවී ඇති බව සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පී විතානගේ මහතා සදහන් කලේය. දුම්රිය ධාවනය නියමිත පරිදි සිදු කිරීමට දිනකට…

power-cut

අදින් (27) පස්සේ ලයිට් කපනවාද?

පසුගිය 24 වනදා විදුලි අර්බුදය සම්බන්ධව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡවෙන් පසු ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබාදීමට පියවර ගත්තා. ඒ අනුව දින කිහිපයකට විදුලිය කප්පාදුවකින් තොරව ලබාදීමට අවශ්‍ය ඉන්ධන ලැබුණු බවයි විදුලිබල මණ්ඩලය සදහන් කළේ. අදින් පසුව විදුලි කප්පාදුවක් සිදු කරනවා ද නැද්ද යන්න සම්බන්ධව ඉදිරි ඉන්ධන සැලපුම පිළිබද සළකා බලා තීරණය…

corona crest connect

කොරෝනා වැඩි වුවහොත් එයට මුහුණ දීමට සෞඛ්‍ය පද්ධතිය සූදානම්

කොරෝනා ආසාදිතයින් වැඩි වුවහොත් එයට මුහුණ දීමට සෞඛ්‍ය පද්ධතිය සූදානමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. කෙසේ වුවද බූස්ටර් එන්නත් මාත්‍රාව කඩිනමින් ලබාගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. පාසල්වල කොරෝනා ආසාදිතයින් පොකුරු වශයෙන් හමුවීමක් මෙතෙක් සිදුනොවුණ ද රෝගීන් වැඩිවුවහොත් එය කළමනාකරණය සඳහා අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බවද සදහන් කරයි.

vijitha-herath
|

මේක කිසිදු පූර්ව සැලැස්මක් නැති අඩ්අඩ්ඩාවට යන ආණ්ඩුවක්

අර්බුද ගැන ජනතාවට කීමට ඇමතිවරු හෝ ආණ්ඩුවක් අවශ්‍ය නැති අතර ජනතාව බලාපොරොත්තු වන්නේ ඔවුන් මැදිහත්වී අර්බුදය විසඳීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා  ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය. මහජන මුදල්වලින් ඇමතිවරු නඩත්තු කරන්නේ ජනතාවට ප්‍රශ්න කීමට නොවන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. පිටරටින් එළවළු,පළතුරු ගෙන ඒමට ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් වැයකරන ආණ්ඩුවට…

america-russiya

ඇමෙරිකාවෙන් රුසියාවට අනතුරු ඇඟවීම්

රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව පෞද්ගලික සම්බාධක පැනවීමක් සිදුකරන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කරයි. රුසියාව යුක්රේනයට තවදුරටත් බලපෑම් සිදුකළහොත් රුසියාවට දැවැන්ත ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවද ඇමෙරිකා ජනාධිපතිවරයා අනතුරු අඟවයි.