විදේශ සේවා නියුක්ති කාර්යාංශය බාසා ඇකඩමියක් අල්ලයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශය බාසා ඇකඩමියක් අල්ලයි

ජපන් භාෂා උපකාරක පන්ති පවත්වන මුවාවෙන් සිදුකරගෙන ගිය නීති විරෝධී බවට සැකකෙරෙන විදේශ රැකියා ජාවාරමක් හසුකරගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමත්ව තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ “මහ මොලකාරියද” සමගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඒම හසුකර ගැනීම සිදු කර ඇති බවයි. කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේ “වෙනුෂ් ලැන්ග්වේජ් ඇකඩමි” යන නමින්…

lanka-electr

විදුලිබල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

විදුලි අර්බුදයට තාවකාලික විසඳුමක් ලෙස විදුලිය පරිභෝජනය අරපිරිමැස්මෙන් සිදු කරන ලෙස විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු අධිකාරිවරුන්ගේ සංගමයේ ලේකම් නලින් හේවාපටබැඳිගේ ඉල්ලීමක් කරයි. විදුලි ජනන යන්ත්‍ර ඇති පිරිස් ඒවා භාවිත කර විදුලිය ලබා ගැනීමට පෙළෙඹෙන ලෙස පවසන ලේකම්වරයා කියා සිටින්නේ, විදුලිය අධික ලෙස පරිභෝජනය කරන අවස්ථාවේ දී ඒවා සැලකිලිමත් ලෙස භාවිත කරන ලෙසයි. ලංකා විදුලිබල මණ්ඩලය…

නවතම කොරෝනා වයිරසය NeoCov

නවතම කොරෝනා වයිරසය NeoCov

කොරෝනා වයිරස පවුලට අයත් NeoCov යන නමින් හැදින්වෙන තවත් නව කොරෝනා වයිරසයක් සම්බන්ධයෙන් චීනයේ වූහාන් නුවර වෛද්‍ය පර්යේෂකයෝ ලොවට අනතුරු අගවති. වූහාන් විද්‍යාඥයන් අනතුරු අගවමින් පැහැදිලි කර ඇත්තේ, NeoCov වයිරසය තවත් එක් විකෘතිකරණයකට ලක්වුවහොත් එය බොහොම පහසුවෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වීමේ හැකියාව ඇති බවය. NeoCov කොරෝනා වයිරසය සතුව, සාර්ස් (SARS) සහ මර්ස් (MERS) කොරෝනා වයිරසවල එකතුවක්…

corona

පාර්ලිමේන්තු පොකුර තවත් ඉහළට – කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් 46ක්

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තා වේ. වෛද්‍ය පරීක්ෂණයකදී  ඒ බව තහවුරු වූ බව ඔහුගේ ලේකම්වරයෙක් පැවසීය. මේ අනුව කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 46ක් දක්වා ඉහළ යනු ඇත.