school bags in sri lanka

පාසල් වසා දැමීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ දී ප්‍රාථමික පාසල් සඳහා නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම් ඊ.ඩබ්ලිව්.එල්.කේ.එගොඩවෙල සඳහන් කළේ, 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන 2022 වසරේ පෙබරවාරි 07 දින සිට මාර්තු මස 05 වැනි දින තෙක් කාලය…

power plant norochchole

නොරොච්චෝලේ යළි අක්‍රිය වෙයි

නොරච්චෝලේ බලාගාරයේ පසුගිය දා අලුත්වැඩියා කළ ජනන යන්ත්‍රය නැවතත් අක්‍රිය වී තිබේ. යන්ත්‍රයෙහි හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය අක්‍රිය වූ බවත් ඒ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 270ක් අහිමිව යන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

economy

උද්ධමනය තවදුරටත් ඉහළට

මෙරට උද්ධමනය ජනවාරි මාසය තුළ යළිත් ඉහළ ගොස් තිබේ. ජනවාරි මාසයේ උද්ධමනය සියයට 14.2ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. දෙසැම්බර් මාසයේ උද්ධමනය සටහන් වූයේ සියයට 12.1 ක් ලෙසය. ජනවාරි මාසය තුළ සහල්, පළතුරු, කිරිපිටි සහ පාන් මිල ඉහළ යාම උද්ධමනය ඉහළ යාමට හේතුව බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.

kadadasi
|

කඩදාසි මිල සියයට 150 කින් ඉහළට

වෙළඳපොලේ කඩදාසි මිල සියයට 150 කින් ඉහළට ගොස් තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කඩදාසි ආනයනය අවම වීමයි. ගෝලීය තත්ත්වය සහ ඩොලර් අර්බුදය කඩදාසි ආනයනය අවමවීමට හේතුවී ඇති බවට ද වාර්තා වනවා. මෙලෙස කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් පොත් මුද්‍රණයට දැඩි ලෙස බලපෑම් එල්ලවී ඇති බවත්, පොත් මිල වැඩිවීමේ අවදානමක් ඇති බවත් ශ්‍රී ලංකා පොත්…

oil

රුපියල් ගෙවා තෙල් ගන්න සාකච්ඡාවක්

විදුලිබල අමාත්‍යාංශය විසින් ඩීසල් මෙට්‍රික් ටොන් 15,000 ක ප්‍රමාණයක් ඉන්දියානු කෙල් සමාගමෙන් මිලදීගැනීමට සාකච්ඡා කරන සිටියි. විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ රුපියල් වලින් ගෙවීම් සිදු කරමින් මෙම මිලදී ගැනීම් සදහා සාකච්ඡා කරමින් සිටින බවය. සාමාන්‍ය ආකාරයට ඩීසල් මිළ දී ගන්නා ලෙසින් මෙම මිලදී ගැනීමට නියමිත බවත් ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සමග කටයුතු…

corona2
|

ආසාදිතයන් තිදෙනකුගෙන් එක් අයකු මිය යන නව කොවිඩ් ප්‍රභේදයක්

නව කොවිඩ් ප්‍රභේදය පැතිරීම හා මරණයට පත් කිරීම අතින් ඉහළ අවදානමක් සහිත බවට අනුමාන කර තිබේ. එමෙන්ම එම ප්‍රභේදය ආසාදිත වූවන් තිදෙනකුගෙන් එක් අයකු මිය යෑමට ඉඩ ඇතැයි ද අනතුරු අඟවා තිබේ. විශේෂයෙන් වනසතුන්ගෙන් පැතිරෙන වසංගත රෝගවලින් 75% ක්ම මිනිස් සිරුරට අහිතකර බලපෑම් සිදුකරන බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් නව වයිරස් වශයෙන් මිනිස් සමාජය තුළ ව්‍යාප්ත…