school

විදුහල්පතිවරුන් පත්කිරීමේදී සිදුවී ඇති අයතා බලපෑම් සොයයි

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීම සම්බන්ධව ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීමේදී අයදුම්කරුවෙකුගෙන් බලපෑම් සිදුවී ඇත්දැයි සොයාබලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීමේ දී අයදුම්කරුවෙකුගෙන් සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේ දී හා ඉන්පසුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හෝ රාජ්‍ය සේවා…

ethra

එතෙර රැකියාවට යන සුව සේවකයන් පුහුණුවට නව ආයතනයක්

විදෙස් හෙද සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ රැකියා අවස්ථා වෙනුවෙන් හෙද සහ සෞඛ්‍ය සත්කාර සේවා පුහුණුව සඳහා මාලබේ ප්‍රදේශයේ නව හෙද පුහුණු අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක එම ආයතනයේ පාලක මණ්ඩලක සහ උපදේශක මණ්ඩලයට පත්වීම් ලිපි භාරදීම රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි….

gotabahaya

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැදවයි

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. මෙම ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතා නායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තිය අනුව ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවය.

edu

අධ්‍යාපනය තුල අතරමං වීම

අධ්‍යාපනයේ වටිනාකම කළමනාකරනය ගැනීමට අසමත්වූ රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාව ඉදිරිපෙල ස්ථානයකට පත්ව සිටින බව නොරහසකි. මෙම තත්වය විග්‍රහ කිරීම හුදෙක් අධ්‍යාපනයේ ගුණාත්මකභාවයේ සිදුවී ඇති වෙනස සොයා බැලීමක් නොව එහි ඍජු හා වක්‍ර ප්‍රතිඵල ලෙස අප අත්කරගත් හා අපට අහිමි වූ දේ ගැන කෙරෙන ඇගයීමකි. අධ්‍යාපනය කළමනාකරනය කරගැනීමේ දුර්වලතාවයේ පළමු වින්දිතයන් බවට පත්ව ඇත්තේ අපේ රටේ…

BOI
|

රේණුකා ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස රේණුකා වීරකෝන් මහත්මිය පත්කර ඇත. අදාළ පත්වීම් ලිපිය ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරි වෙත ලබා දිම ඊයේ (07) ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන අමාත්‍යාංශයේදි සිදු කෙරිණි. වීරකෝන් මහත්මිය වසර 27ක පමණ කාලයක්…

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

අධිභාර බදු පනත් කෙටුම්පත ගැසට් කෙරේ

සියයට 25ක අධිභාර බද්දක් පැනවීමට අදාළ පනත් කෙටුම්පතට සේවක අර්ථ සාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදල ඇතුළත් වන අයුරින් වගන්ති සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එමඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල් ගණනාවකින් සියයට 25ක අධිභාරයක් අයකර ගැනීමට නියමිත බවය. බදු අය කළ හැකි ආදායම රුපියල්…

kelanitissa power station

විදුලි කප්පාදුව ගැන අලුත් කතාවක්

මෑත කාලීනව විදුලි කප්පාදුවන් සිදුකිරීමට ප්‍රධානතම හේතුව පසුගිය දෙසැම්බර් මස 03 වන දින සිදු වූ හදිසි විදුලි බිඳවැටීම බව මහජන උපයෝගිතා කොමිශන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, අදාළ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 02ක් අක්‍රීය වූ බවය. එම විදුලි බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට ද මේ වන විට තොරතුරු…