bandanagara

බන්ධනාගාරගත නොකර නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමයක්

වරදකරුවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ විකල්ප ක්‍රමවේදය මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. බන්ධනාගාර තදබදයට විසදුමක් ලෙස මෙන්ම සුළු වැරදි සම්බන්ධයෙන් වරදකරුවන්ට බන්ධනාගාරගත කිරීම වෙනුවට මෙම විකල්ප ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතයි.

australiya

විදෙස් සංචාරකයන්ට ඔස්ට්‍රේලියාවේ දොරටු ඇරේ

මේ මස 21 වැනිදා සිට විදෙස් සංචාරකයන්ට රට විවෘත කිරීමට ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් තීරණය කර ඇතැයි වාර්තා වේ. කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියෙන් පසු ඔස්ට්‍රේලියාව විදේශිකයන්ට එරටට ඇතුළුවීමට අවසර දෙනු ලබන්නේ වසර දෙකකට පසුවය. ඒ අනුව කොවිඩ් මර්දන පළමු හා දෙවැනි එන්නත් මාත්‍රා ලැබූ ඕනෑම විදේශිකයකුට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි බව එරට අගමැතිවරයා නිවේදනය…

dengue treatment DengueAwareness FightDengue DenguePrevention StopDengue DengueSymptoms HealthEducation MosquitoControl PublicHealth StaySafe DengueOutbreak

ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යාමක්

මෙම වසර තුළ මෙරටින් වාර්තාවී ඇති මුලු ඩෙංගු රෝගීන් ගණන 8,015 ක් වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. පසුගිය සතිය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 925 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇත. ඒ අතරින් රෝගීන් 220 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 96 දෙනෙක් වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන්…

epf

වැඩ කරන ජනතාවගේ කඳුළින් දහඩියෙන් උපයා ගත් මුදලටත් බද්දක්

රුපියල් බිලියන 02 කට වඩා වාර්ෂික ලාභයක් උපයන සමාගම්වලින් සියයට 25% ක අධිභාර බද්දක් අයකර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින්  (07 ) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 2020 අපේ‍්‍රල් 01 වැනිදායින් ආරම්භ වන තක්සේරු වර්ෂයට අදාළව මෙම බද්ද අය කරගනු ලැබේ. මෙසේ බදු අය කරගනු ලබන්නේ 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට අයත්…

dolor
|

විදෙස් සංචිත වල ඇත්ත තත්වය ගැන හෙළිදරව්වක්

මෙරට තුළ පවතින භාවිතා කළ හැකි විදෙස් විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් මිලිය 700 ත් 800 ත් අතර ප්‍රමාණයක් දක්වා පහත වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි. එහිදි අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදෙස් විනිමය සංචිතය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක් දක්වා පහත…

sitha-gagula

ශ්‍රි පාදය වන්දනා කිරිමට පැමිණෙන වන්දනාකරුවන් ජලාශවල දිය නෑමෙන් වලකින්න

ශ්‍රි පාදය වන්දනා කිරිමට පැමිණෙන වන්දනාකරුවන් ජලාශවල දිය නෑමෙන් වලකින ලෙස හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා ඉල්ලිමක් කරයි. මේ වන විට කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පහල බැස ඇති බවත් එම ජලාශවල රෝන් මඩ පිරි ඇති බැවින් එම ජලාශවල දිය නැම අනතුරු දායක බවද ඔහු පවසයි. එමෙන්ම මෙම ප්‍රදේශයෙන් ගලා යන මහවැලි…

mathiwarana-komition-sabawa

ඡන්ද හිමි නාමලේඛනය ගැන දැනුම්දීමක්

2021 ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත්ව නොමැති නම් හෝ ලිපිනය වෙනස් කිරීමට අවශ්‍ය නම් පමණක් ප්‍රදේශ භාර ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 2022 ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කිරීම හෝ අදාල සංශෝධන සිදුකිරීම ග්‍රාම නිලධාරීවරයා සම්බන්ධ කර ගැනීමෙන් සිදුකළ හැකි බව මැතිවරණ කොමිසම පැවසුවේය. කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2022…