පාරිභෝජනවාදයට ආපසු යන්නට හැකිද?
මේ මොහොත වන විට ලංකාවේ දිගු ඉන්ධන පෝලිම්ය. දවස තුන් යාමයක් නම් එක් යාමයක පමණ විදුලි කප්පාදුවකි. නිවාස හදනවිට වායුසමනය සඳහාම කාමර තනාගත් අය ඉන්පසු විදුලිය ලබාගැනීම සඳහා විදුලි ජනක යන්ත්ර මිලදීගත්හ. දැන් ඒවාට ඉන්ධන ද හිඟය. අපේ ජීවිතය බලශක්ති සමග කෙතරම් ප්ලග් වී තිබේද යත්, ඉන්ධන හා විදුලිය නොමැති ජීවිතයක් ගැන අපට සිතාගන්නටවත් බැරිය….