awa
|

අවලස්සන ශ්‍රී ලාංකිකයින් තිදෙනාට තව දුරටත් රැවටෙමුද ?

පසුගියදා ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේය. පවතින තත්ත්වය පිළිබදව යම් කිසි විග්‍රහයක් සමගින්, රජය මුහුණ දී ඇති ගැටලු සමග, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජය විසින් ගෙන ඇති ක්ෂණික පියවර පිළිබදව ජනාධිපතිවරයා විසින් යමක් ඉදිරිපත් කරාවි යැයි බොහෝ දෙනෙකු කල්පනා කර තිබුනි. නමුත්, සිය කතාවේදී ඔහුගේ මූලික අවධානය යොමුව තිබුනේ ඉතා කෙටි කාලයක් තුළ, තමන් ඉදිරිපත්…

china-omicron
|

නව ඔමික්‍රොන් ප්‍රභේදයක් නිසා චීනයේ ප්‍රාන්ත 13ක් යළි ලොක්ඩවුන්

බී.ඒ2 වර්ගයේ ඔමික්‍රෝන් වයිරසයේ අනු ප්‍රභේදයක් හඳුනා ගැනීමත් සමඟ මිලියන 50ක ජනතාවක් සිටින ප්‍රාන්ත 13ක් යළි වසා දැමීමට චීන බලධාරීන් කටයුතු කර තිබේ. නව කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් පැතිර යෑමේ අවදානමක් පවතින බව විශේෂඥයන් අනතුරු අගවා තිබේ. වයිරසය පැතිරීම වේගවත් විය හැකි බවත් ඔවුහු කියා සිටිති.

viduli-bila

විදුලි බිලත් ඉහළට

විදුලි බිල වැඩි කරමින් රුපියල් කෝටි දහහතර දාහක අමතර ආදායමක් ලබාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත. ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවලිය ලැබුණු බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක කියා සිටියේය. එම යෝජනාවලිය අධ්‍යයනය කර සංශෝධන සහිතව අනුමැතිය ලබාදෙන බව සභාපතිවරයා කීවේය.

milk

කිරිපිටි මිල යළි ඉහළට

ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1345 සිට 1945 දක්වා වැඩි කිරීමටත්, ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වා වැඩි කිරීමට ආනයනකරුවෝ තීරණය කරයි. කිරිපිටි ආනයනයකරුවන් පැවසුවේ ලෝක වෙළෙදපොළේ කිරිපිටි කිලෝවක මිල ඩොලර් 2.80 සිට ඩොලර් 5.30 දක්වා ඉහළ ගොස් ඇති බවයි.