oil

තෙල් සංස්ථාවත් දැන් පෝලිමේ

අඛණ්ඩව ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයිය නොහැකි බව ඉන්දීය තෙල් සමාගම විසින් ශ්‍රී ලංකාවට දැනුම්දී තිබේ. බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය සඳහන් කරන්නේ ඉන්දීය ණය මුදල් වලින් අඛණ්ඩව ඉන්ධන ලබා ගැනීමට පෙර අදහස් කර තිබූ බවයි. නමුත් මෙම දැනුම්දීම නිසා වෙනත් සැපයුම්කරුවන්ගෙන්ද ඉන්ධන ලබා ගැනීමට ටෙන්ඩර් කැඳවූ බව ඇය සඳහන් කළාය.

basekbe

භූමිතෙල් ඉල්ලා ප්‍රදේශවාසීන් විරෝධතාවයක් – බේස්ලයින් අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් ඔරුගොඩවත්ත මංසන්දියෙන් බේස්ලයින් මාර්ගය අවහිර වී තිබේ. භූමිතෙල් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් සිදුකරන විරෝධතාවයක් මීට හේතු වී ඇතැයි පොලීසිය කියයි.

mask

මාස්ක් මිලත් අද (21) සිට ඉහ‍ළට

මුව ආවරණවල මිල සියයට 30 කින් අද (21) සිට ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති විදුර අල්ගම මහතා පැවසීය. මුව ආවරණ නිෂ්පාදනයට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා මෙසේ මිල ඉහළ දැමීමට සිදුව වන බවද පවසා සිටියි.

bandana

සිරකරුවන්ට ආහාර සැපයීමද ගැටළුකාරී තත්වයට පත්වෙයි

බන්ධනාගාර ගත සිරකරුවන්ට ආහාර සැපයීමද පවතින උද්ධමනකාරී වතාවරණය යටතේ දැඩි ගැටළුකාරීවී ඇතැයි වාර්තා වේ. බන්ධනාගාරවල සිරකරුවන්ට සැපයන ආහාරවල මිල ගණන් වැඩි කරන්නැයි ආහාර සැපයුම්කරුවන් බන්ධනාගාර ප්‍රධානීන්ගෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇත. එක් සිරකරුවකුගේ ආහාර පාන වෙනුවෙන් දිනකට වෙන් කෙරෙන මුදල රුපියල් 300 කි.

joo
|

රුසියාවට සහාය දක්වන රටවලට අනතුරු ඇඟවීමක්

අමෙරිකාව විසින් රුසියාවට පනවනු ලැබූ දැඩි සම්බාධක සඳහා විකල්ප භාවිත කිරීම තුන්වැනි ලෝක යුද්ධයක අවදානම මතු කරනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබේ. අන්තර්ජාතික නීතියට පටහැණිව කටයුතු කිරීමෙන් වන්දි ගෙවීමට සිදු වනු ඇතැයි සෙසු රටවලට අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.    

winds

දිස්ත්‍රීක්ක කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ සිහින් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඌව සහ නැගෙනහිර පළාත් වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු 02.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්ක සුළගේ වේගය ද…

අභිමානවත් 158 වන පොලිස් විරුදින සැමරුම

අභිමානවත් 158 වන පොලිස් විරුදින සැමරුම

158 වන පොලිස් විරුදින සැමරුම් උත්සවය ඊයේ (20) පැවැත්විය. 1866 සැප්තැම්බර් 03 වැනිදා ශ්‍රී ලංකා පොලිසිය ව්‍යවස්ථාපිතව පිහිටුවන ලද අතර පොලිස් විරුවන් සැමරීමට දිනයක් නම් කෙරෙන්නේ එයින් වසර 115කට පසුවයි. වසංගත මැඩලීම,අපරාධ වැළැක්වීම, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම ,රිය අනතුරු අවමකීරීමට , සමාජ දුසිරිත් මර්ධනය කර, නීතිය – සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් පොලීසිය සිදුකරන මෙහෙය අනුපමේයයි. යහපත්…

death

ඉන්ධන පිරවුම්හලකදී පුද්ගලයෙකු ඝාතනය කරයි

නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී තියුණු ආයුධයකින් පහරදී 28 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු අතර ඇතිවූ ආරවුලකින් පසුව අනතුරුව තුවාලකරුව වතුපිටිවල රෝහල ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.