මධ්‍යම කදුකරයට වියළි කාලගුණිය නිමා විමේ පෙර නිමිති

මධ්‍යම කදුකරයට වියළි කාලගුණිය නිමා විමේ පෙර නිමිති

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශ වලට මේ දින වල සවස් කාලයේ දැඩි වර්ෂාවක් පැවතිමත් සමග මෙම ප්‍රදේශයන්ට මෙතෙක් පැවති දැඩි වියළි කාලගුණික තත්වයන් නිමා විමේ පෙර නිමිති පහලවි ඇත. මෙම ප්‍රදේශයන්ට මාස තුනක පමන කාලයක් පුරාවට පැවති දැඩි වියළි කාලගුණික තත්වයන් හේතුවෙන් මධ්‍යම කදුකරයේ ජලවිදුලිය නිපදවිම සදහා ජලය සපයන ප්‍රධාන ජලාශ දෙක…

banuka-panjab

භානුකගේ ප්‍රහාරයෙන් පන්ජාබ් ජය ඉක්මන් වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායම හා පන්ජාබ් කින්ස් කණ්ඩායම් අතර පැවැති තරගයෙන් පන්ජාබ් කිව්ස් කණ්ඩායම කඩුලූ 5ක ජයග්‍රහණයක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ ඉතාමත් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු විසි දෙකකට ලකුණු හතළිස් තුනක් ලබා ගත්තේ හයේ පහර 4ක්ද එල්ල කරමිනි. ලකුණු දෙසිය පහක ඉලක්කයක් හබා ගිය පන්ජාබ් කණ්ඩායම පන්දු…

train

දුම්රිය ගාස්තු සංශෝධනය අද කැබිනට්ටුවට

දුම්රිය ගාස්තු සංශෝධනය කැබිනට් මණ්ඩලයට අද දිනයේදී ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ දුම්රිය ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩලයේ එකගතාව ලබාගැනීම එහි අරමුණ බවයි. දුම්රිය ගාස්තු සංශෝධනය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ අමාත්‍යවරයා වෙත ලබාදීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇති.

ජාතික සත්වෝද්‍යානයේ ලොකු පුටුව ගැන කැබිනට් තීරණය අද

ජාතික සත්වෝද්‍යානයේ ලොකු පුටුව ගැන කැබිනට් තීරණය අද

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සම්බන්ධව කැබිනට් මණ්ඩලය විසින් අද (28) තීරණයක් ගැනීමට නියමිත බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසීය. දැනට අධ්‍යක්ෂ ජනරාල් ධුරය හොබවන ෂර්මිලා රාජපක්ෂ තව දුරටත් එම ධුරයේ තබා ගන්නවාද, නැතහොත් වෙනත් අයෙකු පත් කරනවාද යන්න කැබිනට් මණ්ඩලය අද තීරණය කරනු ඇතැයිද ඔහු කීවේය.

ajithrohana

නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක්

සිංහල අලුත් අවුරුදු කාලයේදී තමන් නිරතවන ගමන් බිමන් සම්බන්ධ තොරතුරු සමාජ ජාලාවල ප්‍රසිද්ධ කිරීමෙන් වලකින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ඉල්ලා සිටියි. අපරාධකරුවන් එම තොරතුරු ලබාගෙන එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට කටයුතු කිරීමේ ඉඩක් ඇතැයි ද ඔහු පැවසීය.