nirupama

පැනමා පත්‍රිකා වලට චෝදනා ලැබූ නිරූපමා රට හැර යයි

අයථා මුදල් ගණුදෙනු සහ මූලාශ්‍ර ඉදිරිපත් කළ නොහැකි මුදල් වත්කම් සහ උපයා ගැනීම් පිළිබඳව සුප්‍රකට පැනමා පත්‍රිකා වලින් ද පසුගිය දා චෝදනාවට ලක් ව සිටි නිරූපමා රාජපක්ෂ  ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව පුවත්පත් වාර්තා සදහන් කරයි.

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

අති විශේෂ ගැසට් නිවේදනයක්

මහජන හදිසි නීතිය ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරමින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ජනාධිපතිවරයා විසින් අප්‍රේල් මස 01 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය පනවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

අලෙවි සැල්වල ගෑස් නැතිවුවද ගෑස් ලබා ගැනීමට පෝළිම්

අලෙවි සැල්වල ගෑස් නැතිවුවද ගෑස් ලබා ගැනීමට පෝළිම්

හැටන් නගරය තුල පවතින ගෑස් හිගය උග්‍ර විමත් සමග අලෙවි සැල්වල ගෑස් නැතිවුවද ගෑස් ලබා ගැනිම සදහා 06වන දින අළුයම සිටම විශාල පිරිසක් ගැස් අලෙවි නියෝජිත වෙලදසැල අසල රැදි සිට ගෑස් නොමැති විමෙන් එම පිරිසට  හිස් අතින් නිවෙස් වෙත යාමට සිදුව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු කිප දෙනකුම පවසන ලද්දේ ගෑස් නොමැති විමෙන් මේ…

බස් රථ 70%ක් ධාවනයෙන් ඉවතට

බස් රථ 70%ක් ධාවනයෙන් ඉවතට

ඉන්ධන හල් සදහා දින කිපයකින් ඩිසල් නොලැබිමත් සමග හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල පුද්ගලික බස් රථ ධාවනය අඩාලවිමේ දැඩි අවදානමකට පත්ව ඇත. දැඩි ඩිසල් හිගය හේතුවෙන් පුද්ගලික බස් රථ බොහෝමයක් ධාවනයෙන් ඉවත්ව ඩිසල් පොලිම්වල රැදි සිටිමත් සමග මෙම තත්වයන් උදාවී ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පුද්ගලික බස් රථ හිමියන් කිප දෙනකුම පවසන…

parliment
|

තවමත් පාර්ලිමේන්තුව නිදි

ඊයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හැසිරීම දිහා බැලුවාම පේන දෙයක් තමයි කාලය සියල්ලටම විසඳුම් ගෙනත් දේවී කියලා ඔවුන් හිතාගෙන ඉන්නවා කියන දේ. අනික් පැත්තෙන් සමහර මන්ත්‍රීවරුන්ට තිබුණේ මේක මර්දනය කරන්නේ නෑ කියන අඬෝවැඩියාව. ඒ අස්සේ යුද්ධ හමුදාවේ විශේෂ බලකායේ යතුරු පැදිකරුවන් සරුංගල් වගේ පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂකයන්ගේ රෙද්ද අස්සේ ඉගිල්ලෙනවා අපි දැක්කා. මේ වෙලාවේ පොලිස් හැසිරීම දිහා…

rohan

මහ මැතිවරණයකින් අපේ ප්‍රශ්න විසඳෙයිද?

විරෝධය පළකිරීම සඳහා තමන් පෙළඹුනේ කුමක් නිසාදැයි වීදිබට ඕනෑම කෙනෙකුගෙන් අසන්න. පිළිතුරු වනු ඇත්තේ අවසානයක් නොමැති අසාධාරණ විදුලිබල කප්පාදු, වාහනවලට ඉන්ධන නොමැති වීම, ගෑස් සපයාගත නොහැකි වීම සහ ජීවන වියදම වේගයෙන් ඉහළ යාම ආදියයි. වර්තමාන අර්බුදයට විසඳුම මාර්ග දෙකක් ඔස්සේ සම්පාදනය කළ හැකි බව උදය ගම්මන්පිල සිතන බව පෙනේ. එනම්, බැසිල් රාජපක්ෂට හා වෙනත් ද්විත්ව…

දික්ඔයෙත් උද්ඝෝෂනයක්

දික්ඔයෙත් උද්ඝෝෂනයක්

ජනාධිපතිට හා රජයට ඉල්ලා අස්වන ලෙස බල කරමින් දික්ඔය ප්‍රදේශයේ පිරිසක් 05වන දින දික්ඔය නගරයේදි ටයර් පුලපුස්සමින් උද්ඝෝෂනයක් පවත්වන ලදි. මෙම පිරිස දික්ඔය දරවල ප්‍රදේශයේ සිට පාගමනින් පැමින දික්ඔය නගර මධ්‍යයේදි මෙසේ ටයර් පුලුස්සා උද්ඝෝෂනයක් පවත්වන ලදි. මනුර සුදත් සෙල්ලහේවා