oil

බවුසර් හිමියන්ගේ වර්ජනය අත්හිටුවයි

පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබූ වර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබේ. ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලින් සියයට 90 ක් පමණ ලැබුණු බව කී ශාන්ත සිල්වා මහතා අද පස්වරුවේ සිට නැවත ඉන්ධන ප්‍රවාහන ආරම්භ කරන බව ද සඳහන් කළේය.

ගෘහස්ථ කම්කරුවන් හා අවිධිමත් කම්කරුවන්ගේ මැයි පෙළපාලිය

ගෘහස්ථ කම්කරුවන් හා අවිධිමත් කම්කරුවන්ගේ මැයි පෙළපාලිය

ලෝක කම්කරු දිනය නිමිති කර ගෙන ගෘහස්ථ කම්කරුවන් හා අවිධිමත් කම්කරුවන් විසින් පවත්වන ලද මැයි පෙළපාලියක් 01වන දින හැටන් නගරයේදි පවත්වන ලදි. ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම් නිති ගත කරනු හා ජන මතයට හිස නමනු ආණ්ඩුව ගෙදර යනු යන තේමාව යටතේ ප්‍රොටෙක්ට් සංගමය විසින් සංවිධානය කරන ලද මෙම මැයි දින පෙළපාලිය හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් ආරම්භ කර හැටන්…

Zaporizhzhia

යුක්‍රේනයට අමෙරිකාවෙන් ඩොලර් බි. 33 ක ආධාර

යුක්‍රේනයට තවත් ඩොලර් බිලියන 33 ක ආධාර සැපයීමට අමෙරිකාව සූදානම් වේ. විදෙස් වාර්තා සඳහන් කළේ, අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ඊට අදාළ ඉල්ලීම කොංග්‍ර‍ස් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. එම ආධාර පැකේජයට යුද, ආර්ථික හා මානූෂිය වශයෙන් මුදල් වෙන්කර තිබේ.

parli

නව අගමැතිකම දෙනව කියපු 04 දෙනා මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමාද ඇතුළු තවත් සිව් දෙනෙකුට අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙන බවට සදහන් කර ඇතැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙනවා. දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර ඇත්තේ, තම සමීප පුද්ගලයන් කිහිප දෙනෙකු සමග අදහස් පළ කරමිනි. තමන්ට අගමැති ධූරය ලබා දෙන්නේ යයි පැවසූ ජනාධිපතිවරයා මෛත‍්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, රමේෂ් පතිරණ…

pahara

දරුවාට බෙහෙත් නැතැයි මුහුණු පොතේ දැම්මාට පහරදීලා

ඖෂධ හිඟය හේතුවෙන් තම දරුවා ට ඖෂධ ලබා දීමට නොහැකි වීම හේතුවෙන් වත්මන් පාලනයට එරෙහිව මුහුණු පොතේ සටහනක් තැබූ බව කියන අඹුසැමි යුවළකට එල්ලවූ මැර ප්‍රහාරයක් හේතුවෙන් එම අඹුසැමි යුවළ රෝහල්ගත කර ඇති බව කිරිඳිවැල පොලිසිය පවසයි. මෙසේ පහරකෑමට ලක්ව රෝහල් ගත කර ඇත්තේ කිරිඳිවැල මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි. පහරකෑමට ලක් වූ අඹුසැමි යුවළ…

weather today at my location

බස්නාහිර සහ දකුණු පළාත්වලට ධාරාණිපාත වැසි

බස්නාහිර සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ත් බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන් ය. කාලගුණ නිවේදනයට…

government information center

අන්තර්වාර පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද

අන්තර්වාර පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (2) පෙරවරුවේ ජනපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් හා ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම සමගයි.

kasalre

කාසල්රි ජල මට්ටම ඉහළට

කාසල්රි ජලාශය ආශ්‍රිත ප්‍රදේශයන්ට පවතින වැසි හේතුවෙන් එම ජලාශයේ ජල මට්ටම මේ වන විට සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ජලාශය ආශ්‍රිත ප්‍රදේශය සදහා මේ වන විට විටින් විට පවතින තත්වයන් මත ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බවත්…