suranga

ප්‍රාදේශීය ක්‍රියාකාරිකයන් බියවැද්දීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී..!

’ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ පොලිසියේ උත්සාහය පරදවමු !’ මැයෙන් 03.05.2022 දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරිකයන් බිය වැද්දීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල හෙළා දැක ඇත. මෙහි ආසන්නතම සිදුවීම ලෙස කන්තලේ ප්‍රදේශයේ සිට ජන විරෝධතා මෙහෙයවමින් සිටින ජාතික සමාජ සංවර්ධන පදනමේ සභාපති සුරංග රූපසිංහ බියවැද්දීම සඳහා කටයුතු කිරීම පිළිබඳව සිය…

අගමැති ඉවත් නොවන බව දිනේෂ් කියයි

අගමැති ඉවත් නොවන බව දිනේෂ් කියයි

තමන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. පාර්ලිමේන්තුවේදී අද පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලදි.

arrack1

මත්පැන් මිල ඉහළට

මත්පැන් බෝතලයක මිල රුපියල් 80කින් සහ බියර් බෝතලයක (කෑන් එකක) මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත.මත්පැන් නිෂ්පාදන සමාගම විසින් මෙම මිල වැඩි කිරීම සිදු කර ඒ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇත. ප්‍රවාහන, අමුද්‍රව්‍ය ඇතුළු වියදම් වැඩිවීම සැලකිල්ලට ගෙන මත්පැන් සහ බියර් නිෂ්පාදිත සමාගම් විසින් මෙම මිල වැඩි කිරීම සිදු කර ඇත.

rice

ගැසට් පත්‍රයට වඩා අඩු මිල ගණන් යටතේ සහල් අලෙවි වෙයි

සුදු සහ රතු නාඩු දේශීය සහල් කිලෝ එකක් සඳහා රුපියල් 220ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. සුදු සහ රතු සම්බා දේශීය සහල් කිලෝ එකක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත්තේ රුපියල් 230ක් ලෙසයි. මේ අතර දේශීය කීරි සම්බා කිලෝ එකක උපරිම සිල්ලර මිල රුපියල් 260ක් ලෙස නියම කර තිබෙනවා. කෙසේ වෙතත් රජය නිකුත්…

ravi kumudesh

හර්තාලයට නිසි ප්‍රතිචාර නොමැති වුවහොත් අඛණ්ඩ වර්ජනයක්

අනිද්දා පැවැත්වීමට නියමිත පැය විසි හතරක හර්තාලය සහ දීප ව්‍යාප්ත ඒකාබද්ධ වැඩ වර්ජනයට නිසි ප්‍රතිචාර නොමැති වුවහොත් අඛණ්ඩ වර්ජනයක් සහ අඛණ්ඩ හර්තාලයක් පැවැත්වීමට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. ඒ අනුව මැයි 11 වනදා සිට එම අඛණ්ඩ වැඩවර්ජනය ක්‍රි යාත්මක කරන බවයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැදවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ.

dolor

විදේශ සංචිත ඇත්තේ එක් දිනක් සදහා අවශ්‍ය ආනයන වියදමට පමණයි

අද වන විට රට සතු භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන පනහක් බවක මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ඩොලර් මිලියන පනහක් යනු එක් දිනක සදහා අවශ්‍ය ආනයන වියදමට සමාන මුදලකි. රට මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ඕනෑම කැපකිරීමක් කිරීමට තමන් සූදානම් බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා කියා සිටියේය….

power plant norochchole

නොරොච්චෝලේ කොටසක් අක්‍රීයවේ

නොරොච්චෝලේ එක් බලාගාරයක හදිසි බිඳවැටීමක් සිදුවී ඇති බව වාර්තා වෙයි. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති අතර මේ හේතුවෙන් මෙගාවොට් 270 ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිව ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය. මෙම තාක්ෂණික දෝෂය නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා දින 5ක කාලයක් ගතවන බව වාර්තා වේ.

busstand

සාමකාමී විරෝධතාවල නිරත වන පිරිස් සදහා නොමිලේ බස්

වත්මන් ආණ්ඩුවට එරෙහිව සාමකාමී විරෝධතාවල නිරත වන පිරිස් සදහා නොමිලේ බස් රථ ලබා දීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. කෙසේ නමුත් කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් මෙලෙස නොමිලේ බස් රථ ලබා නොදෙන බවද ඔහු අවධාරණය කරයි.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද පෙරවරු දහයට රැස්වීමට නියමිතයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වන අතර රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ නියෝජ්‍ය කතානායක ධුරයට අයෙකු පත්කර ගැනීම අද සිදුවනු ඇති. මේ අතර විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද අද පස්වරුවේ පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. අද පාර්ලිමේන්තුවේදී වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇති බව පාර්ලිමේන්තු…