breakingnews

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කෙරේ

ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව අද (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කර තිබේ. රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීමටත්, මහජනයාට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහාත්, ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලතල ප්‍රකාරව හදිසි නීතිය ප්‍රකාශයට පත්කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

හර්තාල් සාමකාමීව පවත්වන්න

හර්තාල් සාමකාමීව පවත්වන්න

වෘත්තිය සමිති , ශිෂ්‍ය ව්‍යාපාර වලට අයත් කණ්ඩායම් සහ අනිකුත් සංවිධාන විසිින් අද (6) ක්‍රියාත්මක කර ඇති හර්තාල් ව්‍යාපාරය සාමකාමීව පවත්වන ලෙසට පොලිස් මූලස්ථානය මහජනයා වෙත දැනුම් දෙයි . මෙම හර්තාල් ව්‍යාපාරයට සම්බන්ධ වීමට අකමැති පිරිස වලට තර්ජනය කර ඔවුන් සඳහා ඒ සඳහා බලහත්කාරයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කිරීම,මෙම කාලය තුළ ව්‍යාපාරික ස්ථාන විවෘත නොකරන…

marga

කොළඹ ස්ථීර මාර්ග බාධක ඉවත් කරන්න මුලික අයිතිවාසිකම් පෙත්සමක්

කොළඹ නගරය තුළ ඉදිකර ඇති ස්ථීර මාර්ග බාධක ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට  මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. ගම්පහ වජිර පාරෙහි අංක 15/3, දරන ස්ථානයෙහි පදිංචි ෂෙනාල් ජයසේකර සහ පරිසරවේදියකු වන රංජිත් සිසිර කුමාර යන මහත්වරුන් විසින් ගොනුකරනු ලැබ ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම්…

‘හොරු ගෝ ගම’ පිහිටුවයි

‘හොරු ගෝ ගම’ පිහිටුවයි

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවේ දියත උයන් අසල මේ වන විටත් සිය විරෝධතාවයේ නියැලෙමින් සිටිනවා. බත්තරමුල්ල පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රවේශ මාර්ගය ආසන්නයේ විරෝධතාකරුවන් හොරු ගෝ ගම’ ලෙස නම් පුවරු ප්‍රදර්ශනය කර තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් විරෝධතාවල…

oil

ඉන්ධන සීමා යළිත්

ඉන්ධන පිරවුම්හල්වලින් රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. යතුරුපැදි සඳහා රුපියල් 2,000 ක්, ත්‍රීරෝද රථ සඳහා රුපියල් 3,000ක් මෝටර් රථ, වෑන් රථ සහ ජීප් රථ සඳහා රුපියල් 8,000ක් ලෙසත් ඉන්ධන නිකුත් කිරීම සීමා වනු ඇති. කෑන් හා බුලි සදහා ඉන්ධන නිකුත් නොකරන බවද දන්වා ඇත.