5000

මහ බැංකුවේ නව අධිපතිවරයා කළ වැඩක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩ භාරගත් පසුගිය අප්‍රේල් 08 වැනිදා සිට අප්‍රේල් 29 වැනිදා දක්වා කෙටි කාලයේදී පමණක් මහ බැංකුව විසින් රුපියල් බිලියන 15කට (රුපියල් කෝටි 1490ක්) ආසන්න මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇතැයි නිල දත්ත අනාවරණය කරයි.

rice

ළමුන්ට කෑමත් නැතිවෙයි

රටේ පවතින උද්ධමනකාරී තත්ත්වය හමුවේ තෝරාගත් පාසල් සඳහා ක්‍රියාත්මක කෙරෙන දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන සඳහා බාධා මතුවී තිබේ . ඒ හේතුවෙන් දිවා ආහාරය ලබාදීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇති බවත් මෙම තත්ත්වයට විසඳුම් ලෙස ඉදිරියේ දී චීනයෙන් ලැබීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් 5,000ක ප්‍රමාණය අදාළ පාසල් වෙත යොමුකිරීමට සැලසුම් කර ඇති බවත් පාසල් යටිතල පහසුකම්…

law

හදිසි නීතීය අවලංගු කරන්න

රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයට පිළිතුර හදිසි නීතිය නොවන බවත් එබැවින් එය වහාම අවලංගු කරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. රජය විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබීම මෙරට දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට පහසුවක් නොවනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වෙයි.