namal

අපි පලායන්නේ නෑ – නාමල්

මහින්ද රාජපක්ෂ රට හැර පලා නොයන බව ඔහුගේ පුත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රංශ පුවත් සේවයට (AFP) පවසා ඇත. “අපි යනවා කියලා කටකතා ගොඩක් පැතිරෙනවා. අපි රටෙන් යන්නේ නෑ. මගේ තාත්තා ආරක්ෂිතව ඉන්නවා. ඔහු ආරක්ෂිත තැනක ඉන්නවා. ඔහු පවුලේ අයත් එක්ක කතාබහ කරනවා. අපි සෑම විටම අපේ ජනතාව සමඟ ඉන්නවා” යැයි ද ඔහු ප්‍රංශ පුවත්…

human rights commission of srilanka

පොලිස්පතිට-හමුදාපතිට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

ගාලුමුවදොර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයාට, යුද හමුදාපතිවරයා සහ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට වාර්තා කරන ලෙස එම කොමිසමේ සභාපතිනිය දැනුම්දී තිබේ.

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

හිටපු අගමැති මහින්ද වහා අත්අඩංගුවට ගන්න – නීතිඥවරු

ඊයේ (09) දින “මයිනාගෝගම” සහ “ගෝඨාගෝගම” යන අරගලවලට එල්ල කළ ප්‍රහාරය සැලසුම් කළ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා වහා අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්මක කරන ලෙස නීතිඥවරු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා එම ඉල්ලීම ඉදිරිපත් කළේය. වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ වන්නිනායක මහතා ඊයේ…

surasal

නැවත දැනුම්දෙනතුරු දිවයින පුරා සුරා සැල් වසා තැබේ

දිවයින පුරා සුරාසැල් නැවත දැනුම් දෙනතුරු වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ. දිවයින පුරා මේ වන විට පවතින දැඩි ව්‍යාකූලත්වයක් සහිත තත්ත්වය මත දිවයින පුරා මේ වන විට ඇඳිරි නීතිය ද ක්‍රියාත්මක වේ. එමෙන්ම රට පුරා මේ වන විට දැඩි ලෙස මහ ජනතාව විරෝධතා සිදුකරමින් සිටියි.

mahinda-rajapaksha

මහින්ද ඉල්ලා අස් වෙයි

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බව නිවේදනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ දහවල් ජනාධිපතිවරයා වෙත යවන ලදී. අද පක්ෂනායක හමුවෙදී ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයකු හා අමාත්‍ය මණ්ඩලය පිහිටුවීම ගැන සාකච්ඡා කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහාන් කරයි.

mahanahimi

මහනාහිමිවරුගෙන් විශේෂ ප්‍රකාශයක්

මල්වතු පාර්ශයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල,අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන,ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි,ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව ජනපති,අගමැති,විපක්ෂනායක හා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු‍ මන්ත්‍රීවරු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරු මේ බව අවධාරණය කරති. එහි මෙසේද සඳහන්…