රනිල්ට අගමැතිකම කැරකෙයි
|

රනිල්ට අගමැතිකම කැරකෙයි

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ. නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

ඉක්මන් නොවුනොත් රට කඩා වැටේවී
|

ඉක්මන් නොවුනොත් රට කඩා වැටේවී

අමාත්‍යාංශ ලේකම්වරුන් පත් නොකිරීම හේතුවෙන් සමස්ත රටම අකර්මන්‍ය වී ඇති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය පත් කළ යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කඩිනමින් සාකච්ඡා කර අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට අවශ්‍ය පුද්ගලයන් පිළිබද අවසන් තීරණයක් ගත යුතු බවයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය නෙත්…

money
|

පෞද්ගලික අංශයේ බොහෝ සේවකයින්ට වැටුප ලබාගැනීමට නොහැකි තත්වයක්

මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් පෞද්ගලික අංශයටද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. පෞද්ගලික අංශයේ බොහෝ සේවකයන්ට සිය වැටුප ලබාගැනීමට නොහැකිව ඇති බවටයි වාර්තා වන්නේ. සාමාන්‍යයෙන් එම සේවකයන් බහුතරයකගේ වැටුප් දිනය වන්නේ සෑම මසකම 10 වනදායි. ඇදිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් බැංකු වසා තැබීමත් සමඟ දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි ස්ටයිල්ස් සමූහ ව්‍යාපාරයේ උප සභාපති ආචාර්ය…

උදෑසන 7ට ඉවත් කෙරෙන ඇදිරිනීතිය සවස දෙකේ සිට යළි පැනවේ

උදෑසන 7ට ඉවත් කෙරෙන ඇදිරිනීතිය සවස දෙකේ සිට යළි පැනවේ

දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද පෙරවරු 07.00ට ඉවත් කරන ලදී. යළිත් පස්වරු 02 සිට හෙට පෙරවරු 06 දක්වා ඇදිරිනීතිය පැනවෙයි. ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ…