sil

ශ්‍රි නිග්‍රෝධාරාමයේ සිල් සමාදම්විමේ පිංකමක්

වෙසක් පුන් පොහෝය නිමිති කරගෙන හැටන් ප්‍රදේශයේ උවසි උවැසියන් විශාල පිරිසක් සිල් සමාදම්විම සදහා හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයට පැමින සිටින ලදි. වසර තුනකට පසුව මෙවර වෙසක් පුල් පොහෝ දිනයේ ප්‍රදේශයේ උවසි උවැසියන් දෙසියකට අධික පිරිසක් සිල් සමාදම් විම සදහා විහාරස්ථානයට පැමින සිටින බව හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල…

milk

කිරිපිටි පැකට්ටුවක මිල තවත් ඉහළට

ග්‍රෑම් 400 ක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1,020 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කිලෝ එකක කිරි පිටි පැකට්ටුවක මිලද රුපියල් 2,545 ක් දක්වා ඉහළ ගොස් ඇත.  

vimalasurenda

විමලසුරේන්ද්‍ර පිටාර ගලයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිමට ලක්ව ඇත. මෙම ප්‍රදේශයන්ට දැනට දින කිපයක් පුරාවට ඇද හැලෙන අධික වැසිඅ තත්වයන් හේතුවෙන් මෙම ජලාශය පිටාර ගලන බවත් මෙම තත්වයන් මත කැළණි ගංගාවේ ජලමට්ටම ඉහල යාමේ අවදානමක් පවතින බවත් එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මනුර සුදත් සෙල්ලහේවා

police

පොලිසියේ 1000ක් කොළඹට

විශේෂ රාජකාරි සඳහා පිට පළාත්වලින් දහසකට අධික නිලධාරීන් සංඛ්‍යාවක් අද (16) කොළඹට කැඳවා ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. මෙම පොලිස් නිලධාරීන් හෙට 17සිට 20 දින දක්වා විශේෂ රාජකාරි සඳහා යෙදවීමට පියවර ගෙන ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

oil

ඉදිරි දිනවල ඉන්ධන පෝලිම්වල සිටීමෙන් වළකින්න

ඉන්ධන ලබාදීම අවසන් වනතුරු ඉදිරි දින 03 තුළ ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල සිටීමෙන් වළකින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඉදිරි සති දෙක තුළ ඉන්ධන රැගත් නෞකා තුනක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඉන්දීය ණය පහසුකම හරහා මෙම ඉන්ධන තොගය ලැබෙන බවත් ඉදිරියේදී ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත්…

busstand

ඉන්ධන හිඟය හේතුවෙන් බස් රථ ධාවනයට සීමා

ඉන්ධන හිඟය හේතුවෙන් අද(16) දිනයේත් බස් රථ ධාවනය සීමා වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. අද දිනයේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලදහොත් හෙට දිනයේ සිට සාමාන්‍ය පරිදි බස් සේවා ක්‍රියාත්මක බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියි.

food

භාණ්ඩ මිල තවත් ඉහළ යා හැකි බැවින් අදාළ චක්‍රලේඛ අහෝසි කරන්න

මුදල් අමාත්‍යංශයත් මහා භාණ්ඩාගාරයත් ගෙන ඇති ඇතැම් තීරණ නිසා තව දින කිහිපයකින් භාණ්ඩ මිල ඉහළ යා හැකි බැවින් ඊට අදාළව නිකුත් කර ඇති චක්‍ර ලේඛ අහෝසි කරන ලෙස අලුතින් පත් කෙරුණු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම් කමිටුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනා කර තිබේ. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිළිබඳ ශ්‍රී ලංකාව තුළ හටගෙන ඇති ගැටලුව පිළිබඳ එම…