සහල්, පරිප්පු, සීනි ගන්න දීර්ඝ පෝලිම් – එළවළු මිල යලි ඉහළට
සහල්,රතු පරිප්පු සහ සිනි තොග ලැබිමත් සමග එම ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට පාරිභෝගිකයන් සතොස ඉදිරිපිට දිගු පොලිම් වල රැදි සිටිහ. හැටන් සතොස ශාඛාවෙන් සැම පාරිභෝගිකයෙකුටම සහල් කිලෝ 05 බැගින් , රතු පරිප්පු කිලෝවක් සහ දුඹුරු සිනි කිලෝවක් බැගින් නිකුත් කෙරිණ. සැම එළවළු වර්ගයකම මිල ඉහල ගොස් ඇති බව එළවළු වෙළෙන්දන් සදහන් කරති. තක්කාලි කිලෝවක්…
ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි තීරණයක
මාකොළ දකුණ, නාල්ල, කැලණිය සහ මීරිගම පිහිටි ඉන්ධන පිරවුම්හල් 4කට ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි තීරණයක් ගෙන තිබේ. ඒ අදාළ ඉන්ධන පිරවුම්හල් සංස්ථා උපදෙස් හා නීතිරීතිවලට පටහැනිව ක්‍රියාකර ඇති බැවින් ඉන්ධන සැපයීම වහාම අත්හිටුවීමටත් බෙදුම්කාරත්වධුරයන් අහෝසි කිරීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සංස්ථාව පියවර ගෙන තිබේ.
කෝපා කමිටුව වර්තාව අද(20) මැති සබේට
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් කැඳවන ලද රාජ්‍ය ආයතන 7ක සහ එක් විශේෂ විගණන වාර්තාවක විමර්ශනයන් පිළිබඳ තොරතුරු කෝපා කමිටුවේ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පළමු වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා විසින් අද(20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ සිටීම කිසිදු ඵලක් නැහැ
පාර්ලිමේන්තුවේ සිටීම කිසිදු ඵලක් නැතැයි තව සතියකට දෙකකට පසුව හෝ තමාට සිතේවි යැයි ද සමහර විට ඊලඟ පාර්ලිමේන්තු වාරයේදී හෝ තීරණයක් ගන්න ඉඩ තිබෙන්නේ යැයිද කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඇමති 10ක් අද දිවුරුම් දෙති
කැබිනට් අමාත්‍යවරුන් දසදෙනකු ජනාධිපති ඉදිරියේ අද (20 )දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අතර සමගි ජන බලවේගය නියෝජනය කරන හරීන් ප්‍රනාන්දු ,මනුෂ නානායක්කාර,, ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්,ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා ,මහින්ද අමරවීර,ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන සුසිල් ප්‍රේම ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා,ජනාධිපති නීතිඥ…