bread

බේකරි 2,000 ක් වැසෙයි – ඉදිරියේදී බේකරි පෝලිම්

දිවයින පුරා බේකරි 2000කට අධික ප්‍රමානයක් වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. මේ තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් ඉදිරියේදී බේකරි නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ද දිගු පෝලිම් ඇතිවිය හැකි බවත් ඔහු තවදුරටත් කීවේය.

desabandu

කොළඹ ආරක්ෂාව ගැන නියෝගයක්

අරගලකරුවන්ගේ  තර්ජනවලට ලක්විය හැකි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවෙස ඇතුළු කොළඹ නගරයේ  ප්‍රධාන ස්ථාන රැසක ආරක්ෂක විධිවිධාන තවදුරටත් දැඩි කරන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

america-china
|

ඇමරිකානු රාජ්‍ය ලේකම් චීනය ගැන ලෝකෙට බොරු කියූ බව මාට්ටූ වෙයි

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් චීනය සම්බන්ධයෙන් ලෝකයට බොරු කියා ඇති බව චීනය චෝදනා කරයි. පසුගිය 27 වැනිදා බෙයිජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මේ චෝදනාව කළේය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉකුත් 26 වැනිදා ජෝර්ජ් වොෂිංන්ටන් විශ්වවිද්‍යාලයේ පැවැත්වූ දේශනයක දී “ආයෝජන, සන්ධානය සහ තරගකාරිත්වය” යන කරුණු කේන්ද්‍ර කරගනිමින් චීනය කෙරෙහි ඇමරිකානු…

ranil

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන ක්‍රමයක් ගේනවා

පාර්ලිමේන්තුවේ බලතල වැඩි වන යෝජිත 21 වැනි සංශෝධනයෙන් පමණක් සෑහීමකට පත් නොවී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන අලුත් ක්‍රමයක් සකස් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. විසිවැනි සංශෝධනය මඟින් පාර්ලිමේන්තුවේ බලය දුර්වල කර විධායකය අත්පත් කර ගත් බලතල යළි පාර්ලිමේන්තුවට පැවරීමට කටයුතු කෙරෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය. අගමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) විශේෂ…

winds

වැසි තත්ත්වයේ වර්ධනයක්

අද දින සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ පවතින වැසි සහ සුළං තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී….