රුසියානු ගුවන් යානයකට ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් අධිකරණ නියෝගයක්

රුසියානු ගුවන් යානයකට ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් අධිකරණ නියෝගයක්

රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයකට කටුනායක ගුවන් තොටුපළෙන් ආපසු රුසියාව බලා පිටත්ව යාම කොළඹ වානිජ මහාධිකරණය මගින් අත්හිටුවා නියෝගයක් ලබා දීම නිසා මෙම ගුවන් යානය අද (2) දහවල් සිට කටුනායක ගුවන් තොටුපළ තුළ නවතා දමා තිබේ . අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නමැති සමාගම විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ වාණිජ…

dammika-perera

මාස 6කට වගකීම දුන්නොත් කරලා පෙන්වනවා

මාස 6කට වගකීම දුනහොත් තමන් මේ වනවිට රටේ බරපතළම ප්‍රශ්නය වන ඩොලර් ප්‍රශ්නය විසදා පෙන්වන බව කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ වසරින් වසර ව්‍යවස්ථා සංශෝධන සිදුකරන මෙවැනි රටක් ලොව කොහේවත් නොමැති බවකි.

kamkaru-karyalaya

කම්කරු දෙපාර්තමේන්තුව සිකුරාදාට වැසේ

කම්කරු දෙපාර්තමේන්තුවේ සියළුම කාර්යාල සිකුරාදා දින වසා තැබීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කලේ පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම අවම කිරීමට රාජය ආයතනවල කාර්යය මණ්ඩලය කැඳවීම සීමා කිරීම සඳහා නිකුත් කළ රාජය පරිපාලන චක්‍රලේඛයට අනුව මෙම පියවර ගත් බවයි.

rata-idi

ආහාර වර්ග කිහිපයක් සඳහා වෙළෙඳ බද්දක්

ආහාර වර්ග කිහිපයක් සඳහා වෙළෙඳ බද්දක් පැනවූ බව අගමැති හා මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ දන්වා සිටියි. එම ලැයිස්තුව පහතින්

wagawa1
|

වගා සංග්‍රාමයක් – රජයේ ඉඩම් වගා කිරීම සඳහා ජනතාවට

දැනට භාවිතයට නොගන්නා රජයේ ඉඩම් වගා කිරීම සඳහා පමණක් තාවකාලික පදනම මත ජනතාව වෙත මුදා හැරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර පවසයි. ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසදුම් ලෙස සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි වගා සංග්‍රාමයක් දියත් කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

bus2

සඳුදා සිට බස් ධාවනයෙන් ඉවත්වෙයි

එළඹෙන සඳුදා  සිට බස් ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. “ප්‍රායෝගිකව මෙයට වැඩපිළිවෙලක් කරන්න තාමත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට හැකියාවක් ලැබිලා නෑ. අද වනවිට ධාවනය කරපු බස්වලින් හතරෙන් එකක් පමණක් ධාවනයේ යෙදෙන්නේ. සියලුම බස්රථ ඩීසල් පෝලිම්වල. මේ විදියට අපිට මේ ප්‍රවාහනය කරන්න බෑ. සේවක මහත්තුන්ට පඩි දෙන්න ඕනේ. කොවිඩ් එකත් එක්ක…

gota-ranil
|

ගෝඨාට පළියට අපිත් නැසෙමුද?

නිරුවත් මිනිසකු විනාස වුණු කඩපිළක වාඩිවී සිටී. ඔහු වටා පොලු මුගුරු ගත් කිහිපදෙනෙකි. ඒ හුදෙකලා මිනිසාගේත් ඔහු වටා සිටින අවි ගත්තවුන්ගේත් ඉරියව්වලින් කතාවේ ඉතිරි ටික අපට සිතාගත හැක. 83 කළු ජූලියේ ම්ලේච්ඡ හා හද කකියවන සැබෑව පිළිබිඹු කළ ඒ රූපය සමාජ ප්‍රචණ්ඩත්වයට දොර විවර කිරීමේ ආදිනව සිහිගන්වන මතක වස්තුවකි. 2022 මැයි මස 9 වැනිදායින් ඇරඹි…

mathpan

මත්පැන් මිල ඉහළට

වැට් බද්ද වැඩි කිරීමෙන් මත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය. මත්පැන් නිෂ්පාදන සමාගම් මත්පැන් බෝතලයක මිල රුපියල් 500 ත් 600 ත් අතර මුදලකින් සහ බියර් බෝතලයක් රුපියල් 30 මුදලකින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

duminda

දුමින්ද සිල්වා අත්අඩංගුවට

ජනාධිපති සමාවෙන් මරණ දඩුවමෙන් නිදහස් ව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අධිකරණ නියෝග මත ඊයේ  ශ්‍රී ජයවර්ධන රෝහලේ ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා. ජනපති සමාව අභියෝගයට ලක්කරමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් ගොනුකර තිබුණි. එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ ජනාධිපති…

වෘත්තියවේදීන් ජනපති හමුවට
|

වෘත්තියවේදීන් ජනපති හමුවට

වර්තමාන දේශපාලන හා ආර්ථික ප්‍රශ්නය විසඳීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ඇතුළත් විශේෂ යෝජනාවලියක් වෘත්තීයවේදීන් පිරිසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති මන්දිරයේදී  බාරදෙනු ලැබීය. රට ගොඩනැඟීම සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් නියෝජනය කරන කණ්ඩායම් කිහිපයක් සූදානම් බව මෙහිදී සඳහන් කෙරිණ. මෙම පිරිසේ සාධනීය සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලය සහ සම්පත් ලබාදීමට සූදානම් බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය….