සහල් වෙළෙඳසැල් රැසක් වැසේ
වී මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් සහල් වෙළෙඳසල් රැසක් වසා දැමීමට සිදුවී ඇතැයි මරඳගහමුල සහල් වෙළෙන්දෝ කියා සිටිති. ප්‍රවාහන ගාස්තුද ඉහළ යෑම නිසා සහල් කිලෝවක නිෂ්පාදන වියදම මේ වන විට රුපියල් 240 ද ඉක්මවා යන බව මරඳගහමුල සහල් වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් පැවැසුවේය. එමෙන්ම, ඇතැම් වී තොග රැස් කරන්නන් වී තොග අලෙවි…
රටපුරා සන්නද්ධ හමුදා කැඳවයි
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. ඔහු මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.
ඉදිරි දිනවල ඉන්ධන සහ ගෑස් නවතී
ඉදිරි සති 03ක කාලය ඉන්ධන සහ ගෑස් සපයා ගැනීම අතින් දුෂ්කර කාල සීමාවක් බවත්, මේ හේතුවෙන් තමන් පමණක් ගැන නොසිතා කටයුතු කිරිමට රටේ සියලුම ජනතාව සිතට ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ ජනතාව සිය ගමන් බිමන් සීමා කිරිමට කටයුතු කළ…
බිලියන 695ක පරිපූරකයක් අද පාර්ලිමේන්තුවට
අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා අද දිනයේ රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊට අදාළ විවාදය හෙට පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
රුසියාවෙන් ශ්‍රී ලංකාවට මල් මිටක්
එරෝෆ්ලොට් ගුවන් යානය මුදා හැරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය පවසන්නේ තත්ත්වය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය බලධාරීන්ට ස්තූතිවන්ත වන බවයි. ඔවුන්ගේ නිල වෙබ් අඩවිය පිටුවේ සටහනක් තබා ඇති රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ, කොළඹ වාණිජ මහා අධිකරණය විසින් ලබාදුන් රඳවා ගැනීමේ නියෝගය එම අධිකරණය විසින් ම ඉවත්…