announcement

සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්

මේ දිනවල කිසියම් පුද්ගලයෙකුට උණ, ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුබව ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. උණ හෝ ඇඟපත වේදනාව ඇත්නම් පැරසිටමෝල් හැර අ‌නෙකුත් වේදනා නාශක ලබානොගන්නා ලෙසත් ඉක්මනින් රුධිර පරීක්ෂාවක් සිදුකර ගන්නා ලෙසත් වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙරට ඩෙංගු ‌රෝග ව්‍යාප්තිය…

bus

පොදු ප්‍රවාහනය ගැන ජනපති අලුත් තීරණ කිහිපයක් ගනී

මගී ආකර්ෂණය ඇතිවන ආකාරයට පොදු ප්‍රවාහන සේවා වඩාත් විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ. තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින අතර ඒ සමග පොදු ප්‍රවාහනය සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව ත් ඊට පහසුකම් සැලසීමෙන් ජනතාවට සහනයක් සැලසෙන බව ත් ඔහු සඳහන් කර ඇත. ප්‍රවාහන…

20

20 වන සංශෝධනය වහාම අහෝසි කරනු

අපි ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවයත් යහපත් රාජ්‍ය පාලනයක් උදෙසාත් කැපවුනු සිවිල් සමාජ සංවිධාන හා සිවිල් සමාජ ක්‍රියාධරයන් වෙමු. ශ්‍රී ලංකාව සිය නිදහසින් පසු ඉතිහාසයේ මුහුණ දෙන බරපතළම අර්බුදයට මේ වන විට මුහුණ දෙන අතර ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවටත් පත් වෙමින් එය මානව ඛේදවාචකයක දිශාවකට යොමු වෙමින් පවතින බව ආණ්ඩුවේ ප්‍රකාශ මගින්ද…

යුක්රේන ජනපති අනතුරු අඟවයි
|

යුක්රේන ජනපති අනතුරු අඟවයි

රුසියාව, කළු මුහුද ආශ්‍රිත ව යුක්රේනයට අයත් වරාය සැපයුම් අවහිර කිරීම හේතුවෙන් ලෝකය භයානක ආහාර අර්බුදයක අභියස සිටින බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කරයි. ඔහු කියා සිටියේ, රුසියාවේ ක්‍රියාකලාපය හේතුවෙන් යුක්රේනයේ මිලියන සංඛ්‍යාත ජනතාවක් කුසගින්නට පත්වීමේ අවදානමක් පවතින බව යි.

kaneru-ata

දරුවන්ට කන්න මොනවත්ම ගෙදර හරියේ නෑ! බලන් ඉන්න බැරිම තැන අම්මා කණේරු ඇට කයි!

දින තුනක් තිස්සේ තම දරුවන්ට කෑමට යමක් සපයා දිය නොහැකි වූ මවක්, අවසානයේදී ජීවිතය නැති කර ගැනීම සදහා කණේරු ඇට කෑ පුවතක් දිවයින පුවත්පත වාර්තා කර සිටියි. සිද්ධිය වාර්තා වන්නේ බදුල්ල ප්‍රදේශයෙනි. අසාධ්‍ය තත්ත්වයේ පසුවන අම්මා, මේ වන විට බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඇගේ ජීවිතය බේරා ගත හැකි බව වෛද්‍යවරු පවසා තිබේ.

aus-cric
|

ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩකයන් වන ස්මිත් සහ ස්ටාක් ලංකාවට උදව් කරන්න කියලා ලෝකයෙන්ම ඉල්ලයි!

මෙරට තරග සංචාරයකට එක්ව සිටින ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට මානුෂිය ආධාර ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදු කරනවා. මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයින් දෙපළක් වන ස්ටීවන් ස්මිත් හා මිචෙල් ස්ටාර්ක් විසිනුයි. මානුෂිය අවශ්‍යතා සහ ප්‍රමුඛතා ඒකාබද්ධ සැලැස්මක් දියත් කළ එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟින් එක්ව සිටින ඔස්ට්‍රෙලියානු ක්‍රීඩකයින් ඉදිරි…