ඉන්ධන සියල්ල අවසන් – ඉන්ධන සැපයුම බරපතළ අර්බුදයක

ඉන්ධන සියල්ල අවසන් – ඉන්ධන සැපයුම බරපතළ අර්බුදයක

ඉන්ධන සැපයුම බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති බවත් ඉන්ධන නෞකාවක් නැවත ලැබෙන දිනයක් නිශ්චිතව කිව නොහැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ඉකුත් වසරක පමණ කාලය තුළ ඉන්ධන ආනයනය කළ සැපයුම්කරුවන්ට ඩොලර් හැත්තෑ තුන් කෝටි පනස් ලක්ෂයක් පමණ ණය වී ඇති බවත් එම තත්ත්වය හේතුවෙන් ඉන්ධන සැපයුම්කරුවන් ටෙන්ඩර් සඳහා ඉදිරිපත් නොවන බවත්…

online

නැවතත් මාර්ගගත ක්‍රමය එයි

පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් ලබන සඳුදා සිට සතියක් හෝ සති දෙකක කාලයක් සියලු රාජ්‍ය ආයතන සහ පාසල් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා. ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (17) පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකදී ගනු ඇති බවද සඳහන්.

අමෙරිකාවෙන් ඩොලර් මිලියන 6ක හදිසි ආධාරයක්

අමෙරිකාවෙන් ඩොලර් මිලියන 6ක හදිසි ආධාරයක්

මෙරට ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඩොලර් මිලියන 6ක හදිසි ආධාරයක් ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කළේය. එම ආධාර මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයකට අනුකූලව ලබාදීමට නියමිතය.

srilnka-crickert

ශ්‍රී ලංකා පිල ලකුණු 26 කින් ජය ගනියි

සංචාරක ඔස්ට්‍රේලියාව සමග පැවැත්වූ දෙවන එක්දින තරගය ලකුණු 26 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුවයි. කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 47.4 කදී කඩුලු 9ක් දැවී ගොස් ලකුණු 220ක් රැස් කර ගනු ලැබුවා. එහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල්…

winds

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක්

පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති. බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයිනේ අනිකුත් ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්…