පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමේ

උද්ගතවී ඇති තත්ත්වය හමුවේ සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග තාවකාලිකව අවලංගු කිරිමට සහ ශිෂ්‍ය නේවාසිකාගාර වසා දැමීමට තීරණය කළ බව පේරාදෙණිය සරසවියේ උප කුලපතිවරයා දැනුම් දෙයි. නිවේදනයක් නිකුත් කරමින් පේරාදෙණිය සරසවියේ උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශිෂ්‍ය නේවාසිකාගාරවල සිටින සිසු සිසුවියන් වහාම ඉන් පිටව නිවෙස් බලා යන ලෙසයි.

sapugaskanda devdoc net

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වැසීයාමේ අවදානමක්

බොරතෙල් නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු නොකිරීමේ තත්ත්වය තුළ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලබන 23 වනදායින් අනතුරුව වැසීයාමේ අවදානමක් මතුව තිබේ. ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසුවේ බොරතෙල් නෞකාවක් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර නොගතහොත් පිරිපහදුවේ කටයුතු අඩපණ වීමෙන් අර්බුද රැසකට මුහුණ දීමට සිදුවන බවයි.

rice

ෆයිසර් දි හාල් ගන්න යයි

මෙරට ඉතිරිවී ඇති ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගය මියන්මාරයට ලබාදී ඒ වෙනුවෙන් එරටින් සහල් ලබාගැනීමට රජයේ අවධානය යොමුවී ඇත. මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් සේවා අධ්‍යක්ෂ සහ ඖෂධ ආධාර පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම එන්නත් තොගය බාරගැනීමට මියන්මාරය කැමැත්ත පළ කර ඇති බවයි.