ආර්ථික අර්බුදයට වග කිව යුත්තන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සහ තවත් තිදෙනෙකු එක්ව, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති (ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරමින්), හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල…