gossip news today

ඖෂධ මාෆියාවේ බොරු හිඟය මාට්ටු

මෙරටට වසර 1 ½කට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් (ඩොලර්) ශ්‍රී ලංකාව සතුව තිබියදී රටේ කෘත්‍රිම බෙහෙත් හිඟයක් මවා කොමිස් ලබාගැනීම සඳහා අධික මිලට බෙහෙත් මිලදී ගැනීමට ඖෂධ සංස්ථා බලධරයන් උත්සාහ දරමින් සිටින බව රජයේ පොදු ව්‍යාපාර කාරක සභාවේදී (කෝප් සභාවේදී) හෙළිදරව් වී තිබේ. කෝප් සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා ප්‍රමුඛ මන්ත්‍රීන්…

ව්‍යවස්ථානුකූලව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්

ව්‍යවස්ථානුකූලව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්

ධුර කාලය තිබියදී ජනාධිපතිවරයා ඉවත්ව යන්නේ නම් රට අරාජික වීමට නොදී නව මැතිවරණයකට යන තෙක් ව්‍යවස්ථානුකූලව අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත්කර ගත යුතු බව මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගත යුත්තේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් අතරින් බවත් ඔහු පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් පවත්වා බහුතරයක් ලබා ගන්නා අයකු විය යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් බවත් මහාචාර්යවරයා පැවසීය.

හිටපු මුදල් අමාත්‍යට රට යන්න බැරිවෙයි

හිටපු මුදල් අමාත්‍යට රට යන්න බැරිවෙයි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (12) අලුයම විදෙස් රටකට යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි. කෙසේවෙතත් එම අවස්ථාවේ ඔහුට දැඩි විරෝධයක් එල්ල වීම නිසා ගුවන් තොටුපොළෙන් යළි හැරී යාමට සිදුවූ බවට ” පැවසෙයි.

ara
|

අගමැති ලේකම් නීතිපති මතය විමසයි

ජනාධිපති ධුරය පුරප්පාඩු වුවහොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් වරයාට දන්වන ලද නීතිපති මතය මෙසේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 38(1)ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මියගියහොත්, කතානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයා තම ධුරයෙන් අස් වුවහොත් ,ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ පුරවැසියකු ව සිටීම නතර වුවහොත් ජනාධිපති ධුරය හිස් වෙි. එසේම ජනාධිපති ධුරයේ හිස් වන තවත් අවස්ථා තුනක්…

අරලියගහ මන්දිරයේදී දෙපිරිසක් අතර ගැටුමක්

අරලියගහ මන්දිරයේදී දෙපිරිසක් අතර ගැටුමක්

අරලියගහ මන්දිරයේදී දෙපිරිසක් අතර අද (12) අලුයම ගැටුමක් හටගෙන තිබේ. ගැටුමෙන් තුවාල ලැබූ කාන්තාවක ඇතුළු 10 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි, වාර්තා වේ. අදාළ පිරිස ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ, අද අලුයම 2.45 ට පමණයි.