ජනපති ජාතිය අමතයි
|

ජනපති ජාතිය අමතයි

නව ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව මගින් තේරී පත් වන තුරු තමන් ජනාධිපති ධූරයේ වැඩ බලන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයෙකු තේරීම සඳහා පාර්ලිමේන්තුවේ සිදුකරන ඡන්ද විමසීමට යම් යම් බලපෑම් එල්ල වන බව තමන්ට දැනගන්නට ලැබී ඇතැයිද මන්ත්‍රීවරුන්ට විවිධ පිරිස්වලින් යම් යම් බලපෑම් සිදුවෙමින් ඇතැයි ද ඔහු කියා සිටියි. ජනාධිපති වරයාගේ කොඩි සහ ජනාධිපතිවරයාට…

doller-key
|

හාහාවරුන්ට කියන්නේ, මේ වෙලවේ වත් ප්‍රායෝගික වෙමු..!!

ඩලස් ජනාධිපති කීවාම මූන ඇදවෙන, සජිත් ජනාධිපති කීවාම මූන ඇදවෙන හාහාවරුන්ට කියන්න තියෙන්නේ මේ වෙලාවේ ප්‍රායෝගික වෙමු කියලා. ප්‍රායෝගිකත්වයෙන් තොර පැවැත්මක් මේ වෙලාවේ අපිට නෑ.. මේ වෙලාවේ මේ කෙමනෙන් බේරිලා ඊළඟ මොහොතට පනින්න තියෙන්නේ ඩලස් ජනාධිපති කරලා නම් ඊට හැර වෙන දෙයක් නැතිනම් ඒක කරන්න වෙනවා. ඒක තමයි ප්‍රායෝගික වීම. මේ වෙලාවේ අපි යෝජනා කරනවා…

ranil
|

‘මානවම්ම‘ පැරදු වික්‍රමසිංහ මැරතන් ධාවනය

එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වසර 27 මාස 6 කට මැරතන් ධාවනයකින් පසුව රාජ්‍ය නායකත්වයට අද පත්වන්නේය. ‘මානවම්ම‘ කුමාරයා අවුරුදු 24 ක් උත්සහ කර, 659 වසරේ දී ‘දාඨෝපතිස්ස‘ නමින් ලංකාවේ රජවුණු බව ඉතිහාස කතාවල තියෙනවා. මේ කතාව ජනගත වුනේ, රනිල් වික්‍රමසිංහ රූපවාහිනී සාකච්ඡාවක දී මේ ගැන කියූ නිසාමයි. රාජ්‍යත්වය පතා වැඩිම කාලයක් කැපවීම් කරපු ලංකාවේ…

ජයග්‍රහණය ගැන කෙටියෙන්
| |

ජයග්‍රහණය ගැන කෙටියෙන්

ජයග්‍රහණය සෙලවෙන මනස විතරයි. හැබැයි, රාජපක්ෂ ක්‍රමයේ වෙනසක් සඳහා අපි දිගටම වැඩකරනවා. ඒක ධනේශ්වර විප්ලවයක්. ඒ සඳහා අපි ගෝඨා-රනිල් ආණ්ඩුවටත් උදව් කළා. ඒක හොඳ බල තුලනයක්. ඒත් ගෝඨා කියන්නෙ තීරණ ගන්න බැරි සොකඩයෙක්. ඒ නිසා පන්නපු එක හොඳයි. හැබැයි පැන්නීමට පාවිච්චි කරපු බලවේග මූලික වශයෙන් රාජපක්ෂ ක්‍රමය දූෂණ විරෝධී පැලැස්තර දමා රැකගන්නට උත්සාහ කරන බලවේගයක්….

ගෝඨා ඇත්තටම යයි – රනිල් ජනාධිපති වෙයි

ගෝඨා ඇත්තටම යයි – රනිල් ජනාධිපති වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමේ වැඩ කටයුතු සියල්ල මේ වන විට අවසන් ව ඇත. ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා එවූ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේය. කථානායක නිල නිවසේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව කීය. අගවිනිසුරුවරයා…