parliament-of-sri-lanka

සෑම පක්ෂයකටම එක් අමාත්‍යධුරයක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා වජිර අබේවර්ධන මහතා නම්කරනු ලැබීය. හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ද රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයෙකු ලෙස පත්කර ඇත. මේ අතර සෑම පක්ෂයකටම එක් අමාත්‍යධූරය බැගින් පිරිනමා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වත්මන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ඉදිරි…

අනවශ්‍ය ලෙස බලය යෙදවීම යුරෝපා සංගමය හෙළා දකියි

අනවශ්‍ය ලෙස බලය යෙදවීම යුරෝපා සංගමය හෙළා දකියි

මේ වනවිට සාමකාමී අරගලකරුවන්ට එරෙහිව බලය පාවිච්චි කිරීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට සහ විවේචනයට ලක්ව තිබේ. යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය ලෙස බලය යෙදවීම දැඩි ලෙස හෙළා දකින බව නිවේදනය කළේ ය. යුරෝපා සංගමය යනු ලොව ප්‍රබලතම රටවල් 27 කින් සැදුම්ලත්, ලෝක ආර්ථික හා දේශපාලන වශයෙන් සුවිශේෂී ප්‍රධාන ජාත්‍යන්තර සංවිධානයකි. යුරෝපා සංගමය…

gay wal katha

දිවයින පුරා පාසල් හෙට ඇරඹෙයි

පවතින ඉන්ධන අර්බුදයත් සමඟ මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන සති කිහිපයක් නිවාඩු ලබා දී තිබූ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (25) දිනයේදී යළිත් විවෘත කිරීමට නියමිතයි. එමෙන්ම 2022 පාසල් වර්ෂයේ පළමු වාරය සැප්තැම්බර් 7 වනදා දක්වා දීර්ඝ කෙරෙන අතර, දෙවන සහ තුන්වන වාර පැවැත්වෙන කාලවකවානු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා…

gamini senerath

හිටපු ජනපති ලේකම්ටත් පත්වීමක්

හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ට ආණ්ඩුවේ තනතුරක් ලබාදීමට යෝජනාවී තිබෙනවා. ජනාධිපති උපදේශකවරයෙකු ලෙස ඔහුට පත්වීමක් ලබාදීමටයි ආණ්ඩුවේ අදහස වී ඇත්තේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ කටයුතු කරන සමයේ ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කෙරුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපති ලේකම්වරයා ලෙස සමන් ඒකනායක පත් කිරීමත් සමඟ ගාමිණී සෙනරත්ට එම තනතුර අහිමි වුණා.