coronadeath

කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි

ඊයේ (25) දිනයේ කොවිඩ් මරණ 05 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. අද (26) දිනයේ නව කොරෝනා ආසාදිතයන් 119 දෙනෙක් වාර්තා වී තිබෙන අතර ඔවුන් සියල්ල දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 665,094 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,542 ක් දක්වා ඉහළ යයි.

curfew areas in sri lanka

ගම්පහ යළි කොරෝනා අවදානමක්

කිරිබත්ගොඩ රෝහල් කාර්ය මණ්ඩලයෙහි හත් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු ඇති බවත් එම රෝගීන් රාගම රෝහලෙහි ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය දිනවල ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා මරණ දෙකක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා පැතිරීමේ අවදානමක් පවතින බැවින් හදුන්වාදී ඇති සෞඛ්‍ය හුරු පුරුදු අනුගමනය කළ යුතු…

karmantha

ඉන්ධන අර්බුදයෙන් කර්මාන්ත රැසක් බිඳ වැටෙයි

ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමානයේ කර්මාන්ත රැසක් බිඳ වැටී ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති ටානියා අබේසුන්දර පැවසුවේ ලංගම ඩිපෝ හරහා කර්මාන්ත සඳහා ඉන්ධන නිකුත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇතත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි. පවතින ගැටලු හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත විසිදහසකට වැඩි…

slparli

ජනපතිගේ පළමු ආණ්ඩු පක්ෂ රැස්වීම අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ‍අද (26) දිනයේ කැඳවා තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව  ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව මෙයයි. හදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීම මෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරිමට නියමිත බව වාර්තා වේ.

නව පෙරමුණක් ළඟදීම

නව පෙරමුණක් ළඟදීම

ඩලස් අලහප්පෙරුම විමල් වීරවංශ යන මහත්වරුන් පෙරටු කරගෙන විපක්ෂයේ නව පෙරමුණක් ළඟදීම පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය. මේ ආණ්ඩුව සමග ගමනක් නැතැයිද ඔහු සඳහන් කළේය. ආණ්ඩුවේ ඇතැම් තනතුරු සඳහා විපක්ෂයේ ඇතැමුන් ට ආරාධනා කර ඇතත් තම පක්ෂවලට එසේ ආරාධනා ලැබී නැති බවද ඔහු කීවේය.  

corona

නැවතත් කොරෝනා වාට්ටු පිරීයයි

කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමත් සමඟ රෝහල් වාට්ටු රෝගීන්ගෙන් පිරීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේය. මීට සති දෙකක පමණ සිට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් පැහැදිලිවම පෙන්නුම් කරන බවත් පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණවලින් ආසාදිතයන් හඳුනා ගන්නා බවත් හෙතෙම පැවසීය.