Zaporizhzhia
|

ජගත් මහලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්

දකුණු දිග යුක්‍රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය ආසන්නයේ ගැටුම්වල නිරතවීම පිළිබඳ දැඩි අවදානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් António Guterres පවසයි. යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සහ තුර්කි ජනාධිපති Recep Tayyip Erdoğan සමඟ යුක්‍රේනයේ Lviv හිදී පැවැති සමුළුවකදී මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

gov
|

පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට

පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ද ඉකොනොමිස්ට් සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගුවන් සමාගමට අමතරව ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව ,ටෙලිකොම් වැනි ආයතන පෞද්ගලීකරණය කළ හැකි බව ජනාධිපතිවරයා එහිදී කීය . ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගය ගැටළුවක්…

australiya

ඔස්ට්‍රේලියානු රජයෙන් ඩොලර් මිලියන 75ක්

ශ්‍රී ලංකාව වෙත ලබාදෙන හදිසි ආධාර ප්‍රමාණය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 75ක් දක්වා ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. ඒ අනුව ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත්තේ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 25ක අමතර පරිත්‍යාගයක් ශ්‍රී ලංකාව වෙත සිදුකිරීමටය.

ranil

මිතුරාට අවසන් ගෞරව දක්වන්න ජනපති ජපානයට

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ අග ජපානයට යාමට නියමිතය. ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දිගු කාලීන දේශපාලන මිතුරෙකි. ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට පැමිණෙන ලෙස චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ණය ලබා දුන් ප්‍රධාන රටවල්වලට ආරාධනා කරන්නැයි…

ඇප නැතිව මර්වින් නිදහස්

ඇප නැතිව මර්වින් නිදහස්

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් මුදා හරිනු ලැබ තිබේ. මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඇප නියම කිරීම අනවශ්‍ය බවත්, ⁣නොවැම්බර් 16 අධිකරණය හමුවේ පෙනී සිටීම ප්‍රමාණවත් බවත් ය. 2007 රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු විමේ සද්ධියක් සම්බන්ධයෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්…