selain

රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක සේලයින් නිෂ්පාදන යුරෝපා වෙළඳපොළට

රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක ලංකාවේ පළමු සේලයින් නිෂ්පාදනාගාරය යුරෝපා තත්ව සහතිකය ලබා ගනිමින් යුරෝපා වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙමින් සිටී. පල්ලේකැලේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ස්ථාපිත මෙම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම රොබෝ තාක්ෂණයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වීම විශේෂත්වයකි. රුපියල් බිලියන 09 ක වියදමෙන් ඉදිකොට ඇති මෙම සේලයින් නිෂ්පාදනාගාරය සේලයින් බෝතල් මිලියන 55 ක වාර්ෂික නිෂ්පාදනය කින්…

china-ship

චීන මිතුරා යයි

හම්බන්තොට වරායේ නැංගුරම් ලා තිබූ යුවාන් වැන්ග් 5 චීන ගවේශන නෞකාව (22) පස්වරු වේ හම්බන්තොට ජාත්‍යයන්තර වරායෙන් පිටත්ව ගියේය. හම්බන්තොට ජාත්‍යයන්තර වරායට ඉකුත් 16 දින පැමීණ මෙම ගවේෂණ නෞකාව කවර කාර්යයක් සිදු කළේද යන්න සම්බන්දයෙන් මෙතෙක් වාර්තවක් ඉදිරිපත් වී නැත.

british

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම මානව හිමිකම් සම්බන්ධයෙන් නොගැළපෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එවැනි තත්ත්වයක් තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතයට ගැනීම නවත්වන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවය.

petral

යළි පෙට්‍රල් පෝලිම්

පිරවුම්හල් සඳහා ඉන්ධන ලබාදීම සතිපතා අඩු කරමින් පවතින බැවින් නැවත ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පෙට්‍රල් ලබාගැනීම සඳහා එලෙස පෝලිම් නිර්මාණය වන බවයි. අයි.ඕ.සී. පිරවුම්හල්වලට ගැටලුවකින් තොරව ඉන්ධන ලබාදීමට හැකියාව තිබියදී සිපෙට්කෝ පිරවුම්හල්වලට පමණක් ඉන්ධන ලබාදීමට අවහිරතාවයක් ඇතිවීම ගැටලු සහගත බව එම සංගමයේ…