thrweel

සතියකට ලීටර් 05 ප්‍රමාණවත් නොවේ – ත්‍රිරෝද රථ රියදුරන්

කිව්. ආර්. කේතයන් මත තමන්ට සතියට ලබා දෙන පෙට්‍රල් ලීටර් 05 ප්‍රමාණවත් නොවිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව  ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ තමන්ට ත්‍රිරෝද රථ ධාවනය කරවිම සදහා සතියකට පෙට්‍රල් ලීටර් 05ක් ලබා දිමත් සමග තමන්ට නිසි ලෙස ත්‍රිරෝධ රථ ධාවනය කර…

gov

රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු

ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි රාජ්‍ය ව්‍යවසායන් හි සේවකයින් සඳහා විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනගේ අත්සනින් යුතුව අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත. රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් සඳහා මෙම චක්‍රලේඛයේ ප්‍රතිපාදන අදාළ වේ.

sininaya

මේ මගේ රට නිසා, මට සිහිනයක් ඇත

මේ රට ලෝකයේ ලස්සනම රටක් කිරීම ලාංකික අප වැඩිදෙනෙකුගේ සිහිනයයි. ඒ සිහිනය වෙත යා යුතුව තිබෙන්නේ අප අද වැටී සිටින ස්ථානයේ සිටයි. එනම්, මේ ආර්ථික අර්බුදයේ සිටයි. රාජ්‍යයේ පැවැත්ම අභියෝගයට ලක්කර තිබෙන මෙම දේශපාලන අර්බුදයේ සිටයි. අපේ සිහිනය අපේ ජීවිත මත සුදු අලියෙකු ලෙස කඩා නොවැටුණු, දක්ෂතාවන්ට මුල්තැන දෙමින් පාලනය කරන කාර්යක්ෂම රජයකි. අපේ සිහිනය…

import

භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම අත්හිටුවයි

ආනයන අපනයන පනතේ බලතල ප්‍රකාරව තවත් භාණ්ඩ වර්ග 300ට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඊයේ(23) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි එම භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇති අතර ගැසට් අංක 2294/30 නමින් නව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු…

telecom
|

ටෙලිකොම් පාඩු ලබන රාජ්‍ය ආයතනයක් ලෙස සඳහන් වීම වැරදීමක්

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඉකුත් 2021 වසරේදී රුපියල් කෝටි 10,230 ක වාර්තාගත ලාබයක් උපයා ඇති අතර එය පෙර වර්ෂයට (2020) සාපේක්ෂව සියයට 12ක ලාබ වර්ධනයකැයි ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මෑතකාලීන මතුවූ කතාබහේදී ටෙලිකොම් සමූහය පිළිබඳව සඳහන් වීම වැරදීමකින් සිදුවූවකැයි තමා සිතන බවද සභාපතිවරයා සඳහන් කළේය.

tiktok
|

ටික්ටොක් ක්‍රෙඩිට් කාඩ්පත් සහ පෞද්ගලික දත්ත රැස් කරයි

ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය වේදිකාවක් වන ටික්ටොක් (TikTok) භාවිත කරන පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත සොරා ගැනීමේ හැකියාව ටික්ටොක් හිමිකාර සමාගම වන බයිට්ඩාන්ස් (ByteDance) සමාගමට හැකියාව පවතින බව අනාවරණය වීමත් සමග එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක ටික්ටොක් භාවිතය සම්බන්ධයෙන් නැවතත් විශාල ආන්දෝලනයක් මතුව ඇත. රහස්‍යතා පර්යේෂකයකු සහ ගූගල් (Google) ආයතනයේ හිටපු ඉංජිනේරුවකු වන ෆීලික්ස් ක්‍රවුස් (Felix Krause)…