jappa
|

ජපාන රජය පොරොන්දු ඉටුකරයි

මානුෂීය සහාය ලෙස මේ වසර මුලදී ජපාන රජය පොරොන්දු වූ ආහාර සහනාධාරයෙහි පළමු කොටස එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල හරහා ශ‍්‍රී ලංකාවට ලබා දී ඇත. මේ වනවිට ශ‍්‍රී ලංකාවේ මිලියන 6 කට වැඩි ජනතාවක් එනම් ජනගහනයෙන් සියයට 30 කට ආසන්න පිරිසක් දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී සිටිති. මෙම සහනාධාර තොගය, ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි…

diaspora
|

ඩයස්පෝරාවේ ගැටලු සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් අධිකරණ හා බන්ධනාගාර කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ විසින් පත් කර තිබේ. මෙම කමිටුව පත්කිරීමට ප්‍රථම අධිකරණ ඇමැතිවරයා දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් සමග විශේෂ දුරකථන සාකච්ඡාවක්ද පවත්වා ඇත. කැනඩාව පදනම් කරගත් ඩයස්පෝරා සංවිධානයක් වන යුක්තිය සහ…

water-bill
|

වැඩි වු ජල ගාස්තුව මොන බිලටද?

ලබන මස 01වැනිදා සිට ක්‍රියාත්මක වන නව ජල ගාස්තුව සැප්තැම්බර් 02 වැනිදා සිට පාරීභෝගිකයන්ට ලබාදෙන ජල බිල්පත් සඳහා ගණනය කරනවාද නැතහොත් ඔක්තෝබර් 01 වැනිදා සිට පාරිභෝගික ජනතාවට ලබාදෙන ජල බිල්පතේ සිට ගණනය කරනවාද යන්න පිළිබඳ අද (29දා) තීරණයක් ගන්නා බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි. ජල බිල්පත් ඉහළ දැමීම සඳහා හා මළඅපවාහන ගාස්තු ඉහළ දැමීම සඳහා…

egg

බිත්තරයක සිල්ලර මිල නැවතත් ඉහළට

ගැසට් නිවේදනය අනුව බිත්තර අලෙවි කළ නොහැකි බවට අඛණ්ඩව කළ ඉල්ලීම් සලකා බලා බිත්තරයක මිල රුපියල් 50 දක්වා වැඩි කිරීමට තීරණය කළ බවත් හැකි ඉක්මනින් ස්ථාවර මිලක් නියම කරන බවත් වෙළද අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය. බිත්තරයක් රුපියල් 50 කට අලෙවි කිරීමට වෙළඳ අමාත්‍යවරයා අවසර ලබාදී ඇති බවත් ඒ හේතුවෙන් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා…

dammika-perera
|

ධම්මික යළි අමාත්‍ය ධූරයක් භාරගැනීමට සූදානම් වෙයි

ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් වගකීම් පැවරෙන අමාත්‍ය ධූරයක් භාරගැනීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි. ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවය.

pradeepan

තරුණ ජිවිත අකාලයේ විනා‍ශයට

වතු කම්කරුවන් ආර්ථික ප්‍රශ්නවලින් මිරිකෙන විට වතු කරයේ සමහර තැරවුකරුවන් විසින් සිදු කරනු ලබන මිනිස් ජාවාරම් හේතුවෙන් වතු කරයේ තරුණ ජිවිත අකාලයේ විනා‍ශයට පත්විමේ අවදානමක් පවතින බව ශ්‍රිලංකා නිදහස් සේවක සංගමයේ සම්බන්ධිකරණ ලේකම්, ශ්‍රිලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක හා මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති පී. ප්‍රදිපන් මහතා පවසයි. හැටන් නගරයේ පිහිටි ඔහුගේ කාර්යාලයේදි 28වනදින…

ඉන්ධන පෝලිම්වල වගකීම තෙල් සංස්ථාවට

ඉන්ධන පෝලිම්වල වගකීම තෙල් සංස්ථාවට

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඇතැම් තීරණ හේතුවෙන් ජනතාවට නැවත ඉන්ධන පෝලිම්වල රස්තියාදු වීමට සිදුවී ඇති බවත් ඉන්ධන තොග නොලැබීමෙන් පිරවුම්හල් හිමියන් ද අපහසුතාවයට පත්ව සිටින බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති රාජපක්ෂ මහතා පැවසීය. පෙරවරු 9.30 ට පෙර මුදල් නොගෙවුවහොත් ඛනිජ තෙල් සංස්ථාව ඇණවුම් අවලංගු කරන බවත් පෙරවරුවේ මුදල් ගෙවීම අපහසු වීම නිසා ඉන්ධන පිරවුම්හලට…

dailyreporter

අය වැය අද පාර්ලිමේන්තුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ පළමු අය වැය අද(30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2021 අංක 30 දරණ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම අද (30) සිදු කරනු ලැබේ. ඉදිරිපත් කෙරෙන සංශෝධනවලදී…

desil

ඩිසල් හිගය හේතුවෙන් පාසල් සිසුන් අතුළු බස් මගින් විවිධ දුෂ්කරතාවයන්ට

පවතින ඩිසල් හිගය හේතුවෙන් මෙම ප්‍රදේශයේ පුද්ගලික බස් රථ හා පාසල් වැන් හා බස් රථ නිසි ලෙස ධාවනය නොවිමත් සමග පාසල් සිසුන් අතුළු බස් මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් මත තම අද දින පුද්ගලික බස් රථ හා පාසැල් වැන් රථ නිසි ලෙස ධාවනය නොවිමෙන් තම දරුවන්ට නිසි ලෙස පාසල් යාමට නොහැකිවු බව එම…