kasal-re

කාසල්රි ජලාශය වාන් දමයි

මධ්‍යම කදුකරයේ බටහිර කොටසට ඇදහැලෙන අධික වැසි තත්වයන් සමග කාසල්රි ජලාශයේ ජලය පිටාර මට්ටමට පැමිනිමත් සමග අද 04 වන දින උදැසන වාන් දැමිම ආරම්භවි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මධයම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජලය සිග්‍ර ලෙස ඉහල යාමත්…

roti
|

වතු කම්කරුවන්ට ප්‍රධාන ආහාරයවත් කෑමට නොමැත

මධ්‍යම කදුකරයේ වතුකරය ආශ්‍රිත ප්‍රදේශ තුල පවතින තිරිගු පිටි හිගය හේතුවෙන් වතු කරයේ වතු කම්කරුවන් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන වතු කම්කරුවන් පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයන් තුල තිරිගු පිටි හිගයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන්ගේ ප්‍රධාන ආහාරය රෝටි වන…

jiniwa
|

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ඇතුළු ක්ෂේත්‍ර රැසක් බරපතළ ලෙස විවේචනයට

“ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” යන මාතෘකාව යටතේ කෙටුම්පත් කර ඇති, A/HRC/51/L.1 දරන මෙම යෝජනාව ඔක්තෝබර් 06 වැනිදා ඡන්ද විමසීමට ලක්කරනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මෙවර මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47ක් අතුරින් රටවල් 10ක සහයෝගය හෝ ලබා ගැනීම ශ්‍රී ලංකාවට අපහසුවී ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට රටවල් 26ක්…

kanchana

කංචනගෙන් ට්විටර් පණිවුඩයක්

ඉන්ධන සැපයුම කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බව අමාත්‍ය කංචන විජේසේකර පැවසීය. ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නොමග යවන සුළු පුවත් සහ ප්‍රකාශ සම්බන්ධයෙන් කලබල නොවන ලෙසය.

oil

තෙල් බෙදාහරින්නන් විරෝධතාවයක

දැනටමත් ගෙවා ඇති මෙහෙයුම් ගාස්තු සඳහා ලබා දී ඇති වට්ටම්වලින් 45%ක් අයකර ගැනීමට දරන උත්සාහයට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් බෙදාහරින්නන් අද(03) සිට ඉන්ධන බෙදා හැරීමේ සේවාවන්වලින් වැළකී සිටින බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය පවසා ඇත.